Close Menu
Lanka Focus News
    What's Hot

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 2026

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි
    Gossip

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    By LFNMay 7, 2026No Comments2 Mins Read20 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රූපවාහිනී පුවත් කලාවේ විප්ලවීය වෙනසක් සිදු කරමින් ලොව ප්‍රථම පැය 24 පුරා විකාශය වන පුවත් නාලිකාව වන CNN ආයතනය පිහිටවූ ප්‍රකට මාධ්‍ය ව්‍යවසායක සහ සමාජ සේවක ටෙඩ් ටර්නර් (Ted Turner) අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඔහු 87 වන වියේ පසුවිය.

    ඔහායෝ ප්‍රාන්තයේ උපත ලබා පසුව ඇට්ලන්ටා නගරය කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර දියත් කළ ටර්නර්, සිය ප්‍රකාශනශීලී ස්වභාවය නිසා “The Mouth of the South” යන අන්වර්ථ නාමයෙන් ද හැඳින්වා තිබේ.

    1980 ජූනි 1 වනදා ඔහු විසින් CNN නාලිකාව ආරම්භ කරන විට බොහෝ දෙනා එය අසාර්ථක වනු ඇතැයි අනාවැකි පළ කර ඇත.

    එහෙත්, 1991 ගල්ෆ් යුද්ධය සජීවීව විකාශය කිරීමත් සමඟ ලොව පුරා පුවත් කලාවේ නොමැකෙන සලකුණක් තැබීමට ඔහු සමත් විය.

    CNN නාලිකාවට අමතරව TNT, TCM සහ Cartoon Network වැනි ලොව ජනප්‍රිය නාලිකා රැසක් ද ඔහු විසින් ආරම්භ කරන ලදී.

    ටෙඩ් ටර්නර් යනු හුදෙක් ව්‍යාපාරිකයෙකු පමණක් නොවීය. ඔහු එක්සත් ජාතීන්ගේ පදනම පිහිටුවමින් එම සංවිධානයට ඩොලර් බිලියනයක මුදලක් පරිත්‍යාග කළ අයෙකි. එසේම, වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටි අමෙරිකානු බයිසන් ගවයන් නැවත බෝ කිරීම සඳහා ඔහු සුවිශාල මෙහෙවරක් කළ අතර, ළමයින් පරිසරයට ලැදි කිරීමට “Captain Planet” වැනි කාටූන් මාලාවන් ද නිර්මාණය කළේය.

    ටර්නර්ගේ පෞද්ගලික ජීවිතය ජයග්‍රහණ මෙන්ම ඛේදවාචකවලින් ද පිරී තිබුණි. වයස අවුරුදු 24 දී සිය පියාගේ අභාවයෙන් පසු පවුලේ ව්‍යාපාර භාරගත් ඔහු, පසුව ලොව බලවත්ම මාධ්‍ය දැවැන්තයෙකු බවට පත්විය. ඔහු සුප්‍රකට නිළි ජේන් ෆොන්ඩා (Jane Fonda) සමඟ ද විවාහ වී සිටියේය.

    2018 වසරේදී තමන් ‘Lewy body dementia’ නම් රෝගයකින් පෙළෙන බව ඔහු හෙළි කළේය.

    සිය ජීවිතයේ අවසාන කාලය අසනීප තත්ත්වයෙන් පසුවූ ඔහු, දරුවන් පස් දෙනෙකු ඇතුළු මුනුබුරන් මිනිපිරියන් රැසක් ඉතිරි කරමින් සමුගත්තේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,484 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,434 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,633 Views
    Don't Miss

    අලි-මිනිස් ගැටුම අවම කිරීමට සහ අලි සංරක්ෂණයට නව තාක්ෂණික හා ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවධානය

    November 17, 202605 Views

    අලි-මිනිස් ගැටුම පාලනය කිරීම, වල් අලින්ගේ සංක්‍රමණ රටා හඳුනාගැනීම සහ අලි සංරක්ෂණය සඳහා නව තාක්ෂණය…

    නාමල් අදත් අධිකරණයට

    November 16, 2026

    රු. කෝටි අටක කුෂ් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

    November 16, 2026

    ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම දියවැඩියාව – සෞඛ්‍ය නි. ඇමති කියයි

    November 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.