Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්
    International

    ඉරානයේ කාලය අවසන් වෙමින් පවතින බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

    By LFNMay 18, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද්ධය අවසන් කිරීම සඳහා වන සාකච්ඡා ඇණහිට ඇති බැවින් ඉරානයේ කාලය ගෙවී යමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

    සිය තෘත් ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉරානය ඉක්මන් කළ යුතු බවත් එසේ නොමැති වන්නේ නම් ඔවුන්ගේ කිසිවක් ඉතිරි නොවනු ඇති බවත්ය.

    ඉරානය සහ එක්සත් ජනපදය සාම සාකච්ඡා සඳහා පාකිස්තානයේ මැදිහත්වීමෙන් පැවැත්වුණු නමුත් එම සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් විය.

    මින් පෙරද එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සඳහන් කර තිබුණේ ඉරානය ගිවිසුමට එකඟ නොවන්නේ නම් ඔවුන්ගේ සමස්ත ශිෂ්ටාචාරයම මිය යනු ඇති බවය.

    දෙරට අතර පැවැති සාකච්ඡාවලින් පසුව ඉරානය විසින් අමෙරිකාවට යෝජනාවලියක් ඉදිරිපත් කළ අතර එම යෝජනා තුළ යුද හානි සඳහා වන්දි ගෙවීම, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරාන ස්වෛරීභාවය අවධාරණය කිරීම ඇතුළු කරුණු රැසක් ඇතුළත් වූ නමුත් එක්සත් ජනපදය එම යෝජනාවලිය සඳහා එකඟතාවයක් පළ නොකළේය.

    එමෙන්ම එක්සත් ජනපදයද ඉරානයට කොන්දේසි කිහිපයක් නියම කළ අතර එහි ඉරානය එක් න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පමණක් ක්‍රියාත්මකව තබා ගත යුතු බවටත් එහි අධික ලෙස පොහොසත් යුරේනියම් තොගය එක්සත් ජනපදයට මාරු කළ යුතු බවටත් ඉල්ලීමක් ඇතුළත් විය.

    කෙසේ නමුත් දෙරටවල් විසින් මෙම යෝජනා ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව මෙතෙක් අවසන් එකඟතාවයකට එළැඹීමට එක්සත් ජනපදයට සහ ඉරානයට නොහැකි වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.