Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී
    Hot News

    සාමකාමී විරෝධයට කඩා පැන්න සිද්ධියට පොලීසිය සමාව ගනී

    By LFNMay 16, 2026Updated:May 19, 2026No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වසරේ ආර්ථික අර්බුදය පැවති සමයේ ගාල්ල කොටුව අසල නීතිඥවරු පිරිසක් පැවැත්වූ සාමකාමී විරෝධතාවට පොලීසිය කඩා වැදී බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක ගාල්ල ප්‍රදේශයේ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු තිදෙනෙකු එම නීතිඥවරුන්ගෙන් කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමාව ඉල්ලා තිබේ.

    පොලීසිය විසින් සිදුකළ එම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු දෙදෙනෙකු වන අජිත් කුමාර සහ අමරදිවාකර ලියනගේ විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර තිබූ එවක ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ජී වෙදසිංහ, එවක ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ ගාල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

    එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය කියා සිටියේ වග උත්තරකරුවන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව පෙත්සම්කරුවන්ගෙන් සමාව අයැද සිටින බවයි.

    ඊට අමතරව පෙත්සම්කරුවන්ගෙන් ලිඛිතව සමාව අයැද සිටීමේ ලේඛනයක් වග උත්තරකරුවන් විසින් අධිකරණයට භාර දෙන බව රජයේ නීතිඥවරිය සඳහන් කර තිබේ.

    එම සමාව පෙත්සම්කරුවන් විසින් භාර ගන්නා බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.

    එම සමථය සටහන් කර ගැනීමෙන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිටි වග උත්තරකාර පොලිස් නිලධාරීන් ඇමතූ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා,

    “එදා සිද්ධිය වූ අවස්ථාවේ ඇති වූ නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් තමයි මේ පෙත්සම්කාර නීතිඥවරු පැමිණිලි කළේ ඔවුන් ගාල්ල ඉඳලා මේ නඩුවට ඇවිල්ලා තියෙනවා. මේ නඩුව සමථයට පත් කිරීමට ඔවුන් ඉදිරිපත් වීම ගැන අගය කරන්න. මේ වගේ සහනයක් ලේසියෙන් ලැබෙන්නේ නෑ” යනුවෙන් සඳහන් කර තිබේ.

    අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමටත් අධිකරණය තීන්දු කර ඇත.

    නීතිඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටියේ  ආර්ථික අර්බුදය පැවති  2022 වසරේ ජූලි මස 6 වනදා නීතිඥවරු පිරිසක් ගාල්ල කොටුව අසල විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවක නිරත වූ බවයි.

    එම අවස්ථාවේදී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් නිලධාරින් එම විරෝධතාවට බාධා කරමින් විරෝධතා පුවරු ඉරා දැමීමට කටයුතු කළ බවත් පෙත්සම්කරුවන් පවසා ඇත.

    මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.