Author: LFN

රත්‍රං කිලෝ පහක් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 1,800 කට වැඩි මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (12) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියෝග කරන ලෙස පොලීසිය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරයා එම සැකකරු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ. ඒ අනුව, හෙට දින අදාළ සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත. රත්තරන් කිලෝ පහක් ලබාදෙන බව පවසා…

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේ වැඩතහනම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ. ඒ, පසුගිය අප්‍රෙල් 9 වැනිදා එම රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව එම අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුවයි. අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාට සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය දුරකථන ඇමතුම් 6ක් ලබාදී තිබුණත් ඔවුන් එම අවස්ථාවේ පැමිණ නොමැති බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. එමෙන්ම අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර ඒ අනුව…

Read More

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවක් ලබන 25 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර ශෂී විරවංශ මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය. එහිදී විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ බුද්ධික චන්ද්‍රසේකර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ, එම නඩුවේ සාක්ෂි මෙහෙයවීමට පෙර නඩුකරයට අදාළව පරිගණක උත්පාදිත ලේඛන සම්බන්ධ පරිගණක පද්ධතිය පරික්ෂා කිරීමට තමාට අවශ්‍ය බවය. සාක්ෂි ආඥා පනත යටතේ තමන්ට එවැනි ප්‍රවේශයක් මේ දක්වා ලබාදී නොමැති බැවින් මෙම නඩුව ඉදිරියට…

Read More

කොළඹ, වේල්ල වීදිය පොලිස් ස්ථානයට ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හටගෙන තිබේ. ගිනි නිවන හමුදාව සඳහන් කළේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවන රථ 10ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවය. ගින්නෙන් සිදු වූ හානිය හෝ එයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයින් දැඩි උත්සාහයක නිරත වෙමින් සිටියි. පොලීසිය සහ ගිනි නිවන හමුදාව එක්ව ප්‍රදේශයේ ආරක්ෂාව සහ ගමනාගමනය පාලනය කිරීමට පියවර ගෙන ඇත.

Read More

ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. ඒ අනුව බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වී 10.1N, 82.5E ආසන්නයේ පවතී. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇති විය හැකි අතර, මුහුදු ප්‍රදේශ රළු විය හැකිය. ඒ අනුව අද දින නිකුත් කළ දත්ත මත පදනම්ව ඉදිරි පැය 48 ඇතුළත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ සම්භාවිතාවක් නොමැති බව කාලගුණවිද්‍යා…

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (12) දිනයේදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි. ඒ අනුව හෙට දින උදෑසන 9.00ට අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනාධිපතිවරයා පෙනී සිටිනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් යම් යම් නීතිමය කරුණු සම්බන්ධව සාකච්ඡා කළ යුතු බවත් ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන නීතීඥ කණ්ඩායමක් හමුවේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා මෙහිදී පැවසීය. ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇති නමුත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට…

Read More

පවතින අධික වර්ෂාවත් සමඟ සිදු වූ ජල ගැලීම් හේතුවෙන් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් අවතැන්වී තිබේ. ඉන් වැඩිම හානියක් ගලේවෙල නගරය ආසන්නයේ පිහිටි පට්ටිවෙල  ලකීවත්ත ප්‍රදේශයට සිදුව ඇති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පෙන්වා දුන්නහ. නිවාසවල අඩි තුනත් පහත් අතර උස ප්‍රමාණයකට ජලය පැමිණ ඇති බව සඳහන්ය. මේ වනවිට එම ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර අවතැන්ව සිටින පවුල් සහ පුද්ගලයින් සංඛ්‍යාව මේ දක්වා ගණනය කර නොමැති බව නිලධාරින් ප්‍රකාශ කළහ.

Read More

අමෙරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වූ බවත් මෙරට මුහුදු කකුළුවන් අපනයනය සඳහා අමෙරිකානු රජයේ ආයතනය විසින් නිල අනුමැතිය හිමිවී ඇති බවත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පැවසුවේ අමෙරිකා එක්සත් ජනපදය වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනය කිරීමේදී  “සාගර ක්ෂීරපායින් ආරක්ෂා කිරීමේ පනත”  යටතේ පනවා තිබූ දැඩි කොන්දේසි සපුරාලීමට ශ්‍රී ලංකාව සමත් වූ බවය. ඇමරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන National Oceanic and Atmospheric Administration – NOAA විසින් නිල වශයෙන් ඒ සම්බන්ධව දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් ඇල්ලීමේ ක්‍රියාවලිය සහ ඒ ආශ්‍රිත රෙගුලාසි ඇමරිකානු ප්‍රමිතීන්ට අනුකූල බවට තහවුරු වී ඇති…

Read More

යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා පැවසීය. ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන් සංවේදී බැවින් බොරුවට රට තුළ පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය. රට තුළ පොහොර මේ වනවිට ප්‍රමාණවත් තරම් පවතින බවත් මහ කන්නයට පවා පොහොර ගෙන ඒමට රජය වැඩසටහනක් මේ වනවිටත් සකස් කර අවසන් බවද තුෂාර වික්‍රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර , වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාගැනීමට මුදල් ලබාදුන්නත්, තවමත් ඒවා නොලැබීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටී. එවන් පසුබිමක දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ගොවීන්ට ගොවිජන සේවා කාර්යාල හරහා…

Read More

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටි තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වන තක්සින් ෂිනවත්‍රාට නිදහස හිමිව තිබේ. බන්ධනාගාරයෙන් පිටතට පැමිණි තක්සින් ඔහුගේ දියණිය ඇතුළු පවුලේ සාමාජිකයින් සමග සිය සතුට සැමරූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඔහුට නිදහස හිමිවන බව සැලවීමත් සමඟ පක්ෂ ආධාරකරුවන් ද බන්ධනාගාරයට පැමිණ ප්‍රීති ඝෝෂා පවත්වා ඇති බව සඳහන්. 76 හැවිරිදි තක්සින් ෂිනවත්‍රා 2001 වසරේ සිට 2006 වසර දක්වා අග්‍රාමාත්‍ය ධූරය හොබවනු ලැබීය. ඔහුගේ ධූර කාලය අතර ඇති වු දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සහ බලය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම වී තිබුණි. කෙසේවෙතත් එරට රජු විසින් එම සිර දඬුවම් කාලය වසරකට අඩු…

Read More