Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 2026

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිතයට අනුමැතිය දීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්
    Local News

    බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිතයට අනුමැතිය දීම වළක්වන්නැයි ඉල්ලා පෙත්සමක්

    By LFNMay 18, 2026No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බීර නිෂ්පාදනය උදෙසා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කිරීම සඳහා නිෂ්පාදකයින්ට අනුමැතිය නොදෙන ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    බලපත්‍රලාභී මත්පැන් අලෙවිකරුවන් පිරිසක් විසින් ගොනුකර ඇති මේ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා සහ එම ආයතනයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, නීතිපතිවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ සුරා බදු පනතේ දෙවන වගන්තිය මගින් “බීර”  යනුවෙන් අර්ථකථනය කර තිබෙන්නේ මෝල්ට් වලින් සාදන ලද පැසුණු මත්පැන් බවය.

    එහෙත් වර්තමානයේ බොහොමයක් නිෂ්පාදකයින් බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සහල් සහ සීනි භාවිතා කරන බවට තොරතුරු හෙළි වී ඇති බවත් එසේ බීර නිෂ්පාදනය කිරීම සුරා බදු පනතේ විධිවිධානවලට පටහැනි බවත් පෙත්සම්කරුවන් චෝදනා කරයි.

    රජය විසින් සහල් නිෂ්පාදනය සඳහා මහජන මුදල් වලින් විශාල සහනාධාරයක් ලබා දෙමින් තිබියදී එසේ නිෂ්පාදනය කරන සහල් බියර් වැනි වාණිජ කර්මාන්තයක් සඳහා යෙදවීම තුළින් ජාතික ආර්ථිකයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් පෙත්සම්කරුවන් සඳහන් කරයි.

    මේ හරහා ශ්‍රී ලංකාවට සහල් වලින් ස්වයංපෝෂිත වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

    මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමිතිය අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය මගින් වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රමිති යාන්ත්‍රණය යාවත්කාලීන වී නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

    ඒ අනුව පෙත්සංකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ බීර නිෂ්පාදනය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස සීනි සහ සහල් භාවිතා කිරීමට අනුමැතිය දීම වළක්වාලන නියෝගයක් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026

    “සැප්තැම්බර් වෙනකම් විදුලි බිල වැඩි කරන්න ඉල්ලන්නේ නැහැ..” – බලශක්ති ඇමති

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    ලොව සුප්‍රකට Mein Schiff 6 සුඛෝපභෝගී නෞකාව ප්‍රථම වරට ලංකාවට

    May 21, 202604 Views

    සංචාරකයින් 2,380 ද‍ෙනෙකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාවක් කොළඹ වරායේ, වරාය…

    27 උදේ වෙනකල් බලා ඉන්න ආණ්ඩුවේ IMF සිහිනය

    May 21, 2026

    ඉබෝලාවට එන්නතක් එන්න තව මාස 9ක් යන බවට නිවේදනයක්

    May 21, 2026

    මහා මාර්ග අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.