Close Menu
Lanka Focus News
    What's Hot

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය
    International

    තෙල් සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාවෙන් යෝජනාවක් – ඉරානය

    By LFNMay 19, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාව සහ ඉරානය අතර වොෂින්ටනයේදී සකස් වෙමින් පවතින නව කෙටුම්පත් සාකච්ඡා රාමුවක කොටසක් ලෙස, ඉරානයේ තෙල් ක්ෂේත්‍රයට පනවා ඇති සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව එකඟ වී ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

    මෙම නවතම යෝජනාව පෙර යෝජනාවලට වඩා වෙනස් වන්නේ, අවසන් එකඟතාවකට පැමිණීමෙන් පසුව පමණක් සම්බාධක ඉවත් කිරීම වෙනුවට, සාකච්ඡා ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම ඇතැම් සම්බාධක ලිහිල් කිරීමට මෙයින් අවස්ථාව සලසා දී ඇති බැවිනි.

    කෙසේ වෙතත්, දිගුකාලීන ගිවිසුමකට එළඹීම සඳහා අමෙරිකාව විසින් පනවා ඇති සියලුම සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවට ඉරානය දිගින් දිගටම අවධාරණය කරයි.

    අනාගත ගිවිසුමකදී අමෙරිකාවේ මූලික කැපවීමක් ලෙස මෙම සම්බාධක සහනය සහතික කළ යුතු බව ඉරාන පරිපාලනයේ මතය වී තිබේ.

    නමුත් අමෙරිකාව දැනට ඉදිරිපත් කර ඇත්තේ අවසන් එකඟතාවකට පැමිණෙන තෙක් පමණක් වලංගු වන තාවකාලික සම්බාධක ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් පමණි.

    මේ අතර, මැදපෙරදිග පවතින දරුණු ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය විසින් සංශෝධිත නව යෝජනාවක් පකිස්තානය හරහා අමෙරිකාව වෙත යොමු කර ඇති බව විදෙස් පුවත් වාර්තා කළේය.

    පසුගියදා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැති සාම සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වුවද, අමෙරිකාවෙන් ලැබුණු නවතම යෝජනාවලට තමන් ප්‍රතිචාර දැක්වූ බව ඉරානය සඳහන් කර ඇත.

    පසුගිය පෙබරවාරි අග භාගයේදී අමෙරිකානු සහ ඉශ්‍රායල බලකායන් විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම කැළඹීමකට ලක්ව ඇති අතර ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

    මෙවැනි පසුබිමක, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.

    සාම ගිවිසුමකට එළඹීමට අපොහොසත් වුවහොත් ඉරානයෙන් “කිසිවක් ඉතිරි නොවනු ඇති” බවට ඔහු තර්ජනය කර තිබේ. “ඉරානයට කාලය වේගයෙන් ගෙවී යමින් පවතිනවා, ඔවුන් ඉක්මන් විය යුතුයි. කාලය ඉතාමත් වැදගත්,” යනුවෙන් ද ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,483 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,430 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,631 Views
    Don't Miss

    අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 18ක පුද්ගලයින් 21,000කට බලපෑම්

    October 31, 202602 Views

    අයහපත් කාලගුණික තත්ත්වය සහ ඔර්නබ් සුළි කුණාටුව හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති…

    විදෙස්ගත ශ්‍රමිකයන්ට අවශ්‍ය සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන්න – ජනපතිගෙන් උපදෙස්

    October 29, 2026

    ඔර්නබ් ඉන්දියාවට කඩා වදී – දිවයිනට ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙයි

    October 28, 2026

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.