Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»අධිවේගයේ නඩත්තු පිරිවැය සහ ආදායම ගැන හෙළිදරව්වක්
    Local News

    අධිවේගයේ නඩත්තු පිරිවැය සහ ආදායම ගැන හෙළිදරව්වක්

    By LFNMay 20, 2026No Comments2 Mins Read7 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමස්ත අධිවේගී මාර්ගවල දුර කිලෝමීටර්  312.57ක නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90 බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

    අද (20) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙම අදහස් දක්වන්නට විය.

    ඒ අනුව E1-දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200.45ක් සඳහා සමස්ථ පිරිවැය ලෙස රුපියල් මිලියන 2024.5ක් බව ඒ මහතා පැවසීය.

    මේ අතර, E2 පිටත වට රවුම් මාර්ගය කොට්ටාව කෙරවලපිටිය කිලෝමීටර් 28.86ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 767.6කි.

    E3 කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පෑලියගොඩ සීදූව කිලෝමීටර් 25.8ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 834.1කි.

    E4 මධ්‍යම අධිවේගී මාර්ගය මීරිගම කුරුණෑගල යග්ගපිටිය කිලෝමීටර් 40.91ක් සඳහා පිරිවැය රුපියල් මිලියන 531.00කි.

    E5 දක්ෂිණ අධිවේගී මාර්ගය දිගුව අන්දරවැව හම්බන්තොට කිලෝමීටර් 16.55ක් සඳහා රුපියල් මිලියන 1022.70 කි.

    ඒ අනුව සමස්ත මුළු දුර කිලෝමීටර් 312.57ක් සඳහා සමස්ත නඩත්තු පිරිවැය රුපියල් මිලියන 5180.90ක් බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

    මේ අතර, 2025 වර්ෂයේ මුල සිට 2025 දෙසැමබර් 31 දිනට සමස්ත අධිවේගී මාර්ගවල ආදායම මිලියන 16330.14ක් බව ඒ මහතා පැවසීය.

    ඒ අනුව,
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 5031.28ක්,
    පිටත වට රවුම් මාර්ගයේ ආදායම රුපියල් මිලියන 4347.32ක්,
    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 3355.12ක්,
    දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව ආදායම රුපියල් මිලියන 2019.45ක්,
    මධ්‍යම අධිවේගී මාර්ගයේ ආදායම රුපියල් මිලියන 1576.97ක්. 

    බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.