Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
    Hot News

    ඉබෝලා වසංගතය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

    By LFNMay 20, 2026No Comments2 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉබෝලා වෛරස් වසංගත තත්ත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණර්වධන මහතා අද (20) නිවේදනයක් නිකුත් කර තිබේ.

    අදාළ නිවේදනයට අනුව ඉබෝලා වෛරස් වසංගත තත්ත්වයක් කොංගෝ රාජ්‍යයේ සහ උගන්ඩාව යන රටවල් මේ වන විට උද්ගතව පවතින බවත් මෙය මහජන සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර ඇති බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී සිටී.

    එම තත්ත්වයට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව මෙරට තුළ පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    1. ගුවන්තොටුපළ ආශ්‍රිත නිරීක්ෂණය කිරීම (ආවේක්ෂණය) ශක්තිමත් කිරීම.
    2. සැක සහිත රෝගියකු වාර්තා වුවහොත් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායාතනය මනාලෙස පෙර සුදානම් කර තැබීම.
    3. අවශ්‍ය රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සුදානම් කර තැබීම.
    4. රට තුළ නිරීක්ෂණය කිරීමේ (ආවේක්ෂණය) පද්ධතිය ශක්තිමත් කිරීම සහ ගෝලීය තත්ත්වය නිරන්තරයෙන් අධ්‍යනය කිරීම.
    5. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අවශ්‍ය කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ මනා සම්බන්ධීකරණයක් සිදු කිරීම.

    මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව ශ්‍රී ලංකාව මෙම රෝගය සඳහා අඩු අවදානම් රටක් ලෙස නම් කර ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාල නිවේදනයේ දක්වා තිබේ.

    එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳ අනිසි බියක් මහජනතාව තුළ ඇතිකර ගැනීම අවශ්‍ය නොවන අතර මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සියලුම අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව ද නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026

    කුලී රථ රියදුරෙකුගෙන් කොල්ල කෑ පුද්ගලයාට දුන් තීන්දුව

    June 1, 2026

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,449 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.