Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්
    Local News

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    By LFNMay 21, 2026Updated:May 21, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email
    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති බැවින් සිසිල් බීම දන්සැල් වෙනුවට උණුසුම් පාන වර්ග පිරිනමන දන්සැල් සංවිධාන කිරීම දිරිමත් කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා .
    වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශ වල පැතිරයන බෝ වන රෝග තත්ත්වයන්ද සලකා බලා මෙම ඉල්ලීම සිදු කරන බවයි.
    මේ අතර දන්සැල් සංවිධානය හා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ,ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සම්බන්ධීකරණය කර ගැනීමට ද අමතර සහායක් අවශ්‍ය වන අවස්ථාවලදී ඇමතීමට දුරකථන අංක කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර කර තිබෙනවා.
    ඒ අනුව
    1.කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය සම්බන්ධයෙන් , ටී.එච්.වී.සී. විතානගේ මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොළඹ මහ නගර සභාව : 0776697674
    2.අනෙකුත් ප්‍රදේශ සම්බන්ධයෙන් : කේ.කේ.එල් ජයලාල් මහතා, සහකාර අධ්‍යක්ෂ ,මධ්‍යම ආහාර පාලන ඒකකය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0779191010
    3. අනෙකුත් අදාළ සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් : ජානක සුනෙත් බණ්ඩාර මහතා , සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී, ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය 0714327387
    4. විස්තර විමසීමට හා සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන්, රජයේ කාර්යාල රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා. ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය : 0112670182
    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.