Author: LFN

2026 වර්ෂයේ පළමු මාස 06 තුළ වත්මන් ජල ගාස්තු සංශෝධනයකින් තොරව පවත්වා ගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දෙන ලදී. 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ජල ගාස්තු සූත්‍රය අනුව ප්‍රධාන පිරිවැය සාධක වල ඇති වන වෙනස්කම් සැලකිල්ලට ගෙන ජල විකුණුම් ඒකක පිරිවැය අර්ධ වාර්ෂිකව සමාලෝචනය කළ යුතුව තිබේ. 2025 වර්ෂය සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මුල්‍ය ප්‍රකාශය මතපදනම්ව සිදු කරන ලද විශ්ලේෂණය අනුව, වත්මන් ජල ගාස්තු මඟින් සම්පූර්ණ මෙහෙයුම් වියදම් ආවරණය කර ගැනීමට හැකියාව පවතින බව තහවුරු…

Read More

මාරාන්තික හන්ටා වෛරසය සහ ඉබෝලා වෛරසය ව්‍යාප්ත වන්නේ භයානක කාලසීමාවක් තුළ වර්තාවන නවතම අර්බුදයක් ලෙසින් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom Ghebreyesus සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික තීරණ ගැනීමේ මහා මණ්ඩල සැසිය ජිනීවා නුවරදී ආරම්භ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී ඔහු කොංගෝ හි නව ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ අතර, පසුගිය සති අන්තයේදී ඔහු එය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. එමෙන්ම ‘MV Hondius’ නැමැති සංචාරක නෞකාවෙන් වාර්තා වූ දුර්ලභ හන්ටා වෛරස් ව්‍යාප්තිය පිළිබඳවද ඔහු මෙහිදී සිහිපත් කළේය. ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,…

Read More

දකුණු ස්පාඤ්ඤයේ සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ පුද්ගලයා විසින් සිය දෙමාපියන් මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තුවාල ලැබූවන් අතර සැකකරුගේ මාස හතක් වයසැති පුත්‍රයා සිටින අතර සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බව ද වාර්තා වේ. එමෙන්ම තුවාල ලැබූ පිරිස අතර මාස 18ක් වයසැති තවත් බිළිඳෙකු සහ 60 හැවිරිදි පුද්ගලයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. කෙසේවෙතත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද සඳහන් වේ.

Read More

අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පදිංචිව සිටි නිවසේද සී.සී.ටී.වී දර්ශන පටිගත වී නොමැති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශය අද (19) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය මේ බව දන්වා ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ මරණය සිදුවූ නිවසට රථ ගාල් දෙකකින් ඇතුල්වීමට හැකියාව තිබුණ ද සී.සී.ටී.වී දර්ශන පරීක්ෂාවේ දී 2026 වසරේ මැයි මස 05 වනදා සහ 2026 වසරේ…

Read More

සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි. බස් රථයෙන් බැස සෙරෙප්පුව දැමීමට යාමේ දී ඔහු මෙලෙස ගඟට පෙරළී ඇති බව ද සඳහන්. කෙසේවෙතත් ඔහුගේ බිරිඳ සඳහන් කර සිටියේ ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බවය. පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් දියත් කළ ද මේ වන තුරු කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.

Read More

ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය. වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත. අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථාවලට සහභාගී නොවන ලෙස එරට සෞඛ්‍ය අංශ දැනුම් දී ඇත. ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත්කරනු ලැබීය.

Read More

පසුගිය දිනවලදී ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් සිදුවූ වගා හානි සඳහා තක්සේරු කිරීම්වලින් පසුව හානි තත්ත්වයන්වලට අනුව හෙක්ටාරයක් සඳහා රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එහිදී වී, බඩඉරිඟු, අර්තාපල්, සෝයා, මිරිස් සහ ලොකු ලූණු යන වගාවන් සඳහා මෙසේ වන්දි මුදල් නිදහස් කරනු ලබන බව සඳහන්. ඒ අනුව හානියට පත් වගාවන් සම්බන්ධයෙන් ඉදිරි දින 14ක් තුළ අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යනු ලබන හානි දැනුම්දීමේ ලේඛනයේ වාර්තා කළ යුතුවේ. මේ සඳහා ගොවීන්ගෙන් කිසිඳු රක්ෂණ වාරික මුදලක් අයකර නොගන්නා බවද එම නිවේදනයේ සඳහන් වේ. පසුගිය දිනවලදී ඇති වූ අයහපත් කාලගුණික අවපීඩන තත්ත්වය යටතේ ඇද…

Read More

සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි ප්‍රකාශකයකු සඳහන් කළේ බ්‍රසීලය, තායිලන්තය යන රටවලින් සහ යුරෝපා රටවලින් සීනි ආනයනය කිරීම කෙරෙහි මේ වන විට අවධානය යොමුව ඇති බවය. පසුගිය 15වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සීනි අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබේ. ලබන සැප්තැම්බර් 30 වන දින දක්වා එම අත්හිටුවීම සිදු කර ඇති බව වාර්තා වේ. මෙරටට වැඩි වශයෙන් සීනි ආනයනය කිරීම ඉන්දියාවෙන් සිදු වූ අතර මෙම තහනමත් සමග වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට සිදුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ රාගම පිහිටි “රණවිරු සෙවණ” සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන්ගේ සුවදුක් විමසීය. මෙහිදී ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් ඔවුන් සියලුදෙනා කළ කැපවීම අගය කළේය. අනතුරුව  “රණවිරු සෙවණ” සුවතා නිකේතනයෙහි සේවයේ නිරත වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සමගද කතාබහක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රතිකාර ලබන හමුදා සාමාජිකයන් වෙනුවෙන් තවදුරටත් සැපයිය හැකි වෛද්‍ය සහ අනෙකුත් සේවා පහසුකම් පිළිබඳවද සොයා බැලීය. විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, යුද…

Read More

අද (19) උදෑසන කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ යම්කිසි පිපිරීමක් සිදුව තිබේ. මේ පිපිරීමෙන් එහි සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත්කර ඇත. අදාළ පිපිරීමෙන් එහි වහලයට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව ඇති අතර අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ. අද දෙරණ වාර්තාකරු පැවසුවේ කැකිරාව පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවය.

Read More