පවතින අධික වර්ෂාපතනය හමුවේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, ඊයේ (21) උදෑසන 8.30 සිට අද (22) උදෑසන 8.30 දක්වා කාලය තුළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 336.5ක් බව සඳහන් වෙයි.
