Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 2026

    චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි

    May 25, 2026

    බහරේනයේ පුද්ගලයින් 9දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්
    Local News

    මෙනින්ජිටිස් රෝගය පැතිරීම වැළැක්වීමට විශේෂ උපදෙස් මාලාවක්

    By LFNMay 25, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙනින්ජිටිස් රෝගී තත්ත්වය පැතිරීම පාලනය සහ වැළැක්වීම පිළිබඳ සියලු අංශ සහ ආයතන වෙත  වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

    එම විශේෂ මාර්ගෝපදේශණ මාලාවට රෝග ලක්ෂණ (සැකකටයුතු රෝගී තත්ත්වයන්), සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝග ලක්ෂණ, ප්‍රතිකාර සහ රෝග විනිශ්චය, රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර, පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ, සායනික කළමනාකරණය, ආයතනික සහ ප්‍රජා මට්ටමේ පාලන පියවර, උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණු ඇතුළත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය පවසයි.

    මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය මෙම උපදෙස් මාලාව තුළ පෙන්වා දෙයි.

    එමෙන් ම උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7ක් ඇතුළත සුව අතට පත්වන බව ද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කරයි.

    පවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මළ-මුඛ මාර්ගයෙන්) මෙන්ම, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිදිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා රෝගය බෝ විය හැකි බවත්, වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු වන බව ද එම වාර්තාවේ සඳහන් ය.

    රෝග පාලනය සහ වැළැක්වීමේ පියවර ලෙස සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම, කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටීෂු එකකින් මුඛය සහ නාසය වැසීම, රෝග ලක්ෂණ ඇති අය සමග සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම, නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම යන කරුණු වසංගත රෝග විද්‍යාඅංශය මගින් නිකුත් කළ මාර්ගෝපදේශණ මාලාවෙන්  වැඩිදුරටත් පෙන්වා දෙයි.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දෙන ලද උපදෙස් හා මඟපෙන්වීම් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ  විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම උපදෙස් මාලාව සකස් කර ඇත.

    මෙම උපදෙස් මාලාව මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන් සහ වෛද්‍ය අධිකාරිවරුන්, පළාත් සහ දිස්ත්‍රික් උපදේශක ප්‍රජා වෛද්‍යවරුන්, වසංගත රෝග විද්‍යා වෛද්‍ය නිලධාරින් මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ද දැනුවත් කරමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ  විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා විසින් නිකුත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හජ්ජි සහ වෙසක් උත්සව නිමිත්තෙන් රැඳවියන්ට විශේෂ අවස්ථාවක්

    May 25, 2026

    රජයේ විශ්‍රාම වැටුප් නැති අයටත් විශ්‍රාම වැටුප් ගන්න පුළුවන් ක්‍රමය මෙන්න

    May 25, 2026

    අනුරාධපුරයේ වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කෙරේ

    May 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    IPLඅවසන් වටයේ තරග හෙට සිට

    May 25, 202600 Views

    ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (IPL) අවසන් වටයේ තරග හෙට (26) ආරම්භ වීමට නියමිතව ඇත.…

    චීනය සිය සඳ ගමනේ මූලික පියවර අරඹයි

    May 25, 2026

    බහරේනයේ පුද්ගලයින් 9දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

    May 25, 2026

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.