Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 2026

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    May 25, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට
    Local News

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    By LFNMay 25, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් ලක්ෂ 60 ඉක්මවූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද (25) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31,36,40 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයින් තිදෙනෙකි.

    සැකකරුවන් විසින් දුම්වැටි තොගය කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් විසින් රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

    එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ දුම්වැටි 40,000ත් අඩංගු දුම්වැටි කාටූන් 202ක් සඟවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

    රේගු නිලධාරීන් පැවසුවේ මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හැට ලක්ෂ හැටදහසක් පමණ වන බවය.

    සැකකරුවන් මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරී අත්අඩංගුවේ පසුවන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන පැවැත්වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    උපාධිධාරීන් ගුරු සේවයට බඳවාගැනීමේ විභාගය අවසන්

    May 25, 2026

    දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක්

    May 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,393 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    හෝමූස් යළි විවෘතවන බලාපොරොත්තුවෙන් ආසියානු බොර තෙල් මිල පහළට

    May 25, 202602 Views

    ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර…

    විද්‍යා ඝාතන සිද්ධියේ රැඳවියෙකු සියදිවි නසාගනියි

    May 25, 2026

    ලක්ෂ 60 ඉක්මවූ දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

    May 25, 2026

    වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට බලාත්මකයි – මහ බැංකුව

    May 25, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.