Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි
    Hot News

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    By LFNOctober 14, 2026No Comments2 Mins Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

    චාවකච්චේරිය මාර්ගයේ කයිතඩි ප්‍රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන විටත් දෙදෙනාම මියගොස් සිට ඇත. ඇ

    එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20ක් හා 23ක් වූ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

    අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    මේ අතර, කොලොන්න, සූරියකන්ද – ඇඹිලිපිටිය මාර්ගයේ කැකුණදොල ප්‍රදේශයේදී ඇඹිලිපිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක වම්පස දොරටුව විවෘත වී වම්පස අසුනේ ගමන් කළ කාන්තාවක් මාර්ගයට විසි වී ගොස්  අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ කාන්තාව කොලොන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

    එලෙස මියගොස් ඇත්තේ, 66 හැවිරිදි මාහේන, විජේරිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    මේ අතර, කොළඹ – අවිස්සාවෙල්ල මාර්ගයේ කොටිකාවත්ත ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ 80 හැවිරිදි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

    මේ අතර, මොරටුව – කටුබැද්ද මාර්ගයේ බණ්ඩාරනායක මාවත අසලදී කටුබැද්ද දෙස සිට පිළියන්දල දෙසට ධාවනය වූ යතුරුපැදික මාර්ගය හරහා ගමන් කළ  පදිකයෙකු ගැටී  අනතුරක් සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ පැදිකරු සහ පදිකයා පිලියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 76 හැවිරිදි පදිකයා මියගොස් ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202604 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.