Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026

    චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

    May 26, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ලාඕසයේ ගුහාවක 7ක් සිරවෙයි
    Local News

    ලාඕසයේ ගුහාවක 7ක් සිරවෙයි

    By LFNMay 26, 2026No Comments2 Mins Read2 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලාඕසයේ මධ්‍යම ෂයිසොම්බෝන් පළාතේ පිහිටි භූගත ගුහාවක් තුළ සතියකට ආසන්න කාලයක් සිරවී සිටින පුද්ගලයන් හත් දෙනෙකු මුදාගැනීම සඳහා සහන සේවා කණ්ඩායම් මේ වන විට දැඩි සටනක නිරත වෙමින් සිටිති.

    පසුගිය බදාදා දින ගම්වැසියන් පිරිසක් රන් සහ වනජීවීන් සෙවීම සඳහා මෙම ගුහාව තුළට ඇතුළු වී ඇති අතර, ඉන් අනතුරුව ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ සිදුවූ නායයෑම් හේතුවෙන් ගුහාවේ දොරටුව සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ.

    එම අවස්ථාවේදී අනතුරෙන් බේරීමට සමත් වූ පුද්ගලයෙකු විසින් බලධාරීන්ට කරන ලද දැනුම්දීමකට අනුව මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

    මුදාගැනීමේ කණ්ඩායම් පවසන පරිදි මෙම භූගත ගුහා පද්ධතිය අතිශයින්ම පටු වන අතර, එහි ඇතැම් ස්ථානවල පළල සෙන්ටිමීටර 50 ක් (අඟල් 20 ක්) තරම් කුඩා බව සඳහන් වේ.

    මේ වන විට සම්පූර්ණයෙන්ම වාගේ මඩ සහිත ජලයෙන් යටවී ඇති මෙම පටු මාර්ග ඔස්සේ සහන සේවා කිමිදුම්කරුවන් ඉතා අසීරු සහ අවදානම් සහගත ලෙස ගුහාව තුළට ගමන් කරමින් සිටින බව විදෙස් පුවත් පවසයි.

    මෙම මෙහෙයුමේ සඳහා 2018 වසරේදී තායිලන්තයේ “තම් ලුඇන්ග්” ගුහාවේ සිරවූ කුඩා පිරිමි ළමයින් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ ලෝක ප්‍රකට මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රවීණයන් කිහිප දෙනෙකු ද මේ සඳහා එක්ව සිටී.

    එම තායිලන්ත මුදාගැනීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන කෙන්කාඩ් බොන්කාවොන්ග් ප්‍රකාශ කරන්නේ, ගුහාව තුළ රැඳී ඇති ජලය දිවා රෑ නොබලා පිටතට පොම්ප කරමින් පවතින බවයි.

    මෙතෙක් සිරවී සිටින පිරිසගෙන් කිසිදු ජීවමාන සලකුණක් හමු වී නැතත්, ඔවුන් සිටින බවට උපකල්පනය කරන ස්ථානයට තමන් මේ වන විට මීටර 20 කටත් වඩා ආසන්න වී ඇති බව ඔහු විශ්වාසය පළ කරයි.

    කෙසේ වෙතත්, දිගින් දිගටම ඉහළ යන ජල මට්ටම සහ ගුහාව තුළ පවතින අපද්‍රව්‍ය හේතුවෙන් මෙහෙයුම්වලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

    පවතින අවදානම් තත්ත්වය හමුවේ ලාඕස් සහ තායි සහන සේවා අංශ ඒකාබද්ධව මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීමට පියවර ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026

    චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 202600 Views

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබේ.…

    අසූචි ප්‍රහාරය ගැන කියන්න සුගීෂ්වර පොලීසියට

    May 26, 2026

    චීවරධාරීන් 23දෙනා ජුනි 9 දක්වා යළි රිමාන්ඩ්

    May 26, 2026

    රට ඇත්තේ භයංකාර ආර්ථික අර්බුදයක් අබියසයි – සජිත් ප්‍රේමදාස

    May 26, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.