Author: LFN

ජාත්‍යන්තර ජගත් පරිසර දිනය නිමිත්තෙන් වනාන්තර 5ක් රක්ෂිත ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ. අද (25) පැවති “ජගත් පරිසර දිනය 2026” පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසා සිටියේ, ඊට අමතරව “මූලගිය උල්පත්” ද රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය. ඒ අනුව, රිටිගල, අලියාවැටුණු වැව, බුලාගල, කෝන් කැටියාව සහ කලලංචිය රක්ෂිත ලෙස නම් කර තිබේ. හෙක්ටයාර 2,169ක ප්‍රමාණයක් අඩංගු වන මෙම වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත්වීම විශේෂත්වයක් වන බවද ඒ මහතා සඳහන් කළේය. මේ අතර, ජල සම්පත් මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධයෙන් කුඩා බුබුල දිය උල්පත් රක්ෂිතය ද ප්‍රකාශයට පත් කරන…

Read More

තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර ති‍බේ. එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියේය. ඒ, මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළවය. ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

Read More

පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද(25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

අද( 25) දින සිට ක්‍රියාත්මක වන පරිදි, රටවල් 40 හි පුරවැසියන් සඳහා දින 30 ක කාලසීමාවකට නොමිලේ සංචාරක වීසා ලබා දීමට තීරණය කර තිබෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ බව චක්‍රලේඛයක් මගින් නිකුත්කර ඇති අතර මෙම චක්‍රලේඛයට අනුව, 2026 මාර්තු 30 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනවා. එම රටවල් වන්නේ, ඕස්ට්‍රේලියාව (AUSTRALIA) , ඔස්ට්‍රියාව (AUSTRIA), බහරේන් (BAHRAIN) , බෙලාරුස් (BELARUS) , බෙල්ජියම (BELGIUM) ,කැනඩාව (CANADA), චීනය (CHINA) , චෙක් ජනරජය (CZECH REPUBLIC) , ඩෙන්මාර්කය (DENMARK) , ෆින්ලන්තය (FINLAND) , ප්‍රංශය (FRANCE) , ජර්මනිය  (GERMANY),ඉන්දියාව(INDIA),ඉන්දුනීසියාව(INDONESIA),ඉරානය(IRAN),ඊශ්‍රායලය (ISRAEL), ඉතාලිය (ITALY), ජපානය(JAPAN), කසකස්ථානය (KAZAKHSTAN), කුවේටය (KUWAIT), මලයාසියාව (MALAYSIA), නේපාලය (NEPAL), නෙදර්ලන්තය (NETHERLANDS),  නවසීලන්තය (NEW ZEALAND), නෝර්වේ (NORWAY), ඕමානය (OMAN), පකිස්ථානය (PAKISTAN), පෝලන්තය (POLAND), කටාර් (QATAR), රුසියාව (RUSSIA), සෞදි අරාබිය (SAUDI ARABIA), දකුණු කොරියාව (SOUTH KOREA), ස්පාඤ්ඤය…

Read More

ඉරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් එහි කොටසක් ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමග ආසියානු බොර තෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබේ. ඒ අනුව අද (25) උදෑසන වනවිට බ්‍රෙන්ට් මිල 5%කින් පහළ ගොස් ඩොලර් 97.90ක් වී ඇත. එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් මිල 5.3%කින් පහළ ගොස් ඩොලර් 90.93ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ නමුත් මර්බන් බොරතෙල් මිල 0.06%කින් ඉහළගොස්  ඩොලර් 102.21ක් වී ඇත. මේ හේතුවෙන් ආසියානු කොටස් වෙළෙඳපොළ රැසක් ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමු වරට 65,000 සීමාව ඉක්මවා…

Read More

මහත් ආන්දෝලනයකට තුනු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙක් බව සඳහන්ය. ඔහු යාපනය බන්ධනාගාරයේ රඳවා තිබූ අතර, ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස්වීස් කුමාර් ඇතුළු විත්තිකරුවන් හතරදෙනෙකුට පනවනු ලැබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මැයි 6වැනිදා යළිත් තහවුරු කළේය. අදාළ දඬුවමින් තමන්ම නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම විත්තිකරුවන් විසින්…

Read More

රුපියල් ලක්ෂ 60 ඉක්මවූ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු අද (25) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 31,36,40 යන වයස්වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයින් තිදෙනෙකි. සැකකරුවන් විසින් දුම්වැටි තොගය කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කිරීමේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් විසින් රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහා මෙම දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත රැගෙන විත් එතැන් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ දුම්වැටි…

Read More

මෝටර් රථ සඳහා ලබා දෙණ ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට (25) බලාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙළීමට මහ බැංකුව පියවර ගෙන ඇත. ඒ අනුව මෙතෙක් පැවැති වාහනයක් මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%ක අගය 60% දක්වා 10%කින් පහත දමා ඇත. එමෙන්ම මෝටර් රථ, එස්.යූ.වී, වෑන්රථ සහ ත්‍රීරෝද රථ ඇතුළු පුද්ගලික වාහන මිලදී ගැනීම සඳහා ණය පහසුකම් සැපයීමේදී ඒ සඳහා දිය හැකි උපරිම ණය සීමාව මෙතෙක් පැවැති 50% සිට 40% දක්වා 10%කින්ද ද අඩු කර තිබේ. මින් පෙර…

Read More

ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා පැවැත්වූ තරග විභාගය සඳහා උපාධිධාරීන් 160,000කට අධික පිරිසක් අයදුම්පත් යොමුකර තිබූ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවති මෙම තරග විභාගය ඊයේ (24) දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 1048දී පවත්වනු ලැබීය. මේ සඳහා රාජ්‍ය සේවයේ නියුතු අයදුම්කරුවන් 66,991ක්, අනෙකුත් අයදුම්කරුවන් 96,442ක් ලෙස අයදුම්පත් ඉදිරිපත් කර තිබී ඇත. ඊට අමතරව විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 323 දෙනෙකුට විභාගය සඳහා ඉදිරිපත් වීමට විභාග දෙපාර්තමේන්තුව විසින් පහසුම් සපයා තිබුණි. 2023 වර්ෂයේදී, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින්, ගුරු…

Read More

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය. එම දෙපාර්තමේන්තුව අද (25) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වේ. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,…

Read More