Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්
    Sport

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    By LFNMay 27, 2026No Comments2 Mins Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ක්‍රිකට් පරිවර්තන කමිටුවේ මගපෙන්වීම යටතේ, මෙම වැඩසටහන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    මෙම වැඩසටහනේ සමාරම්භක සැසිය පෙරේදා 25 වැනි සඳුදා දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටුවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලබන අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ පළමු පෙළ ටියර් ‘ඒ‘ සහ ටියර් ‘බී‘ තරගාවලි නියෝජනය කරනු ලබන  පාසල් නියෝජනය කරමින් පුහුණුකරුවන් 74 දෙනෙකු සහභාගී වූ බව ක්‍රිකට් ආයතනය පවසයි.

    ශ්‍රී ලංකා පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන් මහතා විසින් පැය දෙකක විශේෂ දේශනයක් පවත්වන ලද අතර, නවීන පුහුණු ක්‍රමවේද සහ දක්ෂ තරුණ ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳ වටිනා දැනුමක් ඔහු විසින් හුවමාරු කරන ලදී.

    ළමයින්ට ක්‍රිකට් කුසලතා ඉගැන්වීමේදී මිත්‍රශීලී හා සහයෝගී පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කමද කර්ස්ටන් මහතා අවධාරණය කළේය.

    එසේම, සාර්ථක ක්‍රීඩකයන් බිහිකිරීම සඳහා පුහුණුකරුවන් තමන්ගේම දැනුම සහ කුසලතා නිරන්තරයෙන් සංවර්ධනය කරගත යුතු බවද ඔහු සඳහන් කළේය.

    ජයග්‍රහණවලට පමණක් අවධානය යොමු නොකර, දක්ෂ ක්‍රීඩකයන් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද ඔහු පාසල් පුහුණුකරුවන්ට උපදෙස් ලබා දුන්නේය.

    මෙම වැඩසටහන සඳහා ජාතික පන්දු යැවීමේ පුහුණුකරු රයන් වැන් නීකර්ක් මහතා සහ ජාතික පන්දු රැකීම හා ස්පින් පන්දු යැවීමේ පුහුණුකරු ජෝර්ඩන් ග්‍රෙගරි මහතාද එක්ව සිටි අතර, ඔවුන්ගේ අත්දැකීම් සහ විශේෂඥ දැනුමද සහභාගී වූ පුහුණුකරුවන් සමඟ බෙදාහදා ගන්නා ලදී.

    එමෙන්ම, වැඩසටහන තුළ ප්‍රශ්න හා පිළිතුරු සැසියක්ද පැවැත්වුණු අතර, ඒ හරහා පුහුණුකරුවන්ට ගැරී කර්ස්ටන් මහතා සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව හිමි විය.

    ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පද්ධතිය තුළ උසස් දැනුමක් සහ කුසලතා සහිත පුහුණුකරුවන් බිහිකිරීමේ අරමුණින්, මෙම වැඩසටහන ඉදිරියටත් නිරන්තරයෙන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,474 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.