Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව නිවැරදි නොවන දැනුවත් කිරීමක් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්
    Local News

    වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳව නිවැරදි නොවන දැනුවත් කිරීමක් ගැන අල්ලස් කොමිසමෙන් දැනුම්දීමක්

    By LFNMay 26, 2026No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මගින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත් කිරීම් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු තැනැත්තන් සඳහා වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය පිළිබඳව, එම පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳව සහ පද්ධතියට ප්‍රවේශ වීම පිළිබඳව කොමිෂන් සභාවේ නිලධාරීන් නොවන වෙනත් පුද්ගලයින් විසින් විවිධ දැනුවත් කිරීම් සිදුකරන බවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවය.

    මෙලෙස සිදුකරන ලබන දැනුවත් කිරීම්වලදී නිවැරදි නොවන තොරතුරු සහ මෙම ඉලෙක්ට්‍රොනික පද්ධතියේ භාවිතය පිළිබඳව නිවැරදි නොවන ක්‍රමවේදයන් අදාළ පුද්ගලයින් විසින් සන්නිවේදනය කරනු ලබන බවද කොමිෂන් සභාවට මේ වන විට නිරීක්ෂණය වී ඇති බවත් අදාළ නිවේදනයේ සඳහන් වේ.

    එබැවින් කොමිෂන් සභාව හෝ එහි නිලධාරීන් නොවන වෙනත් බාහිර පුද්ගලයින් විසින් සිදුකරනු ලබන එවැනි දැනුවත් කිරීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වගකීමක් දරනු නොලබන බවත් එම කොමිසම අදාළ නිවේදනව මගින් දැනුවත් කර තිබේ.

    වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව වන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීම සම්බන්ධව වතුවන ගැටලු පිළිබඳව කොමිෂන් සභාවේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශයේ 0767011954 සහ 0112587284 යන දුරකථන අංක මගින් පමණක් නිරාකරණය කර ගත හැකි බවත් ඒ අනුව මහජනතාව අදාළ දුරකථන අංක අමතන ලෙසත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.