Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ආදිවාසී ජනතාවට අයත් ඉඩම් ඔවුන් වෙත ලබාදෙන බවට අභියාචනාධිකරණයට දැනුම් දීමක්
    Local News

    ආදිවාසී ජනතාවට අයත් ඉඩම් ඔවුන් වෙත ලබාදෙන බවට අභියාචනාධිකරණයට දැනුම් දීමක්

    By LFNMay 26, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි අධිකාරිය අද (26) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

    සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට පැවරීම අභියෝගයට ලක් කරමින් වැදි නායක ඌරු වර්ගයේ වන්නියලෑ ඇත්තෝ සහ පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී වග උත්තරකාර මහවැලි අධිකාරිය විසින් මෙම දැනුම්දීම සිදු කළේය.

    පොල්ලබැද්ද සහ රඹකැන්ඔය ප්‍රදේශවල පිහිටි සිය පාරම්පරික ඉඩම් පුද්ගලික සමාගම්වලට ලබාදීමට මහවැලි අධිකාරිය විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් වැදි නායකයා ඇතුළු පෙත්සම්කරුවන් විසින් 2021 වසරේ මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී ආදිවාසීන්ට අයත් අදාළ ප්‍රදේශවල පිහිටි ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බවට මහවැලි අධිකාරිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.

    මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ක්‍රියාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් අදාල ප්‍රදේශවල වනාන්තර විනාශ කළ පුද්ගලයින්ට යළි වන වගා සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙන බව සිහිපත් කළේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය මෙම පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වනදා කැඳවන ලෙස නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.