Close Menu
Lanka Focus News
    What's Hot

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ඉන්දියාවටත් ඉබෝලා එයි?
    Hot News

    ඉන්දියාවටත් ඉබෝලා එයි?

    By LFNMay 27, 2026Updated:May 27, 2026No Comments2 Mins Read6 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම කාන්තාවට ඉබෝලා ආසාධනය වී ඇති බවට තහවුරු වුවහොත් එය 2014න් පසු දකුණු ආසියාතික රටකින් වාර්තා වන පළමු ඉබෝලා ආසාදිතයා විය හැකි බවද වාර්තා වේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙම රෝගය වැළඳුණු කිසිදු රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යශය ප්‍රකාශ කර දිනකට පසුව මෙම පුවත වාර්තා වී ඇති බවද සඳහන්.

    28 හැවිරිදි මෙම උගන්ඩා ජාතික කාන්තාවට සුළු ඇඟපතේ වේදනාවක් හටගෙන ඇති නමුත් ඇය සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඇයගෙන් ලබාගත් සාම්පලවල පරීක්ෂණ වාර්තා මේ වන තෙක් ලැබී නොමැති බවත් සඳහන් වේ.

    නැගෙනහිර අප්‍රිකානු රටේ සිට පැමිණ ඇති මෙම සංචාරක කාන්තාව අහමදාබාද් සිට දකුණු දිග බැංගලෝර් නගරය වෙත පැමිණ තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාව විසින් මේ වන විට ගුවන් තොටුපළ සහ අනෙකුත් ඇතුළුවීමේ ස්ථානවලදී පරීක්ෂාවන් සහ නිරීක්ෂණ පියවරයන් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් උපදෙස් මාලාවන් ද නිකුත් කර ඇති බවය.

    කොංගෝව, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල් වෙත අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වැළකී සිටින ලෙස ද ඉන්දියාව මේ වන විට තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.

    කෙසේවෙතත් මේ හේතුවෙන් නව දිල්ලියේ පැවැත්වීමට නියමිතව තිබූ ‘ඉන්දියා-අප්‍රිකා සංසද සමුළුව’ ද කල් දමා ඇත.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය වශයෙන් සැක සහිත රෝගීන් 900කට වැඩි පිරිසක් අතුරින් 101දෙනෙකුට Bundibugyo නමැති වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බවට තහවුරු කර ඇති අතර, ඒ සඳහා මෙතෙක් අනුමත කරන ලද එන්නතක් හෝ ප්‍රතිකාරයක් ද නොමැති බව සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් අස්වැසුම අද බැංකුවට

    September 16, 2026

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 202607 Views

    බස්නාහිර, සබරගමුව,  වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි…

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026

    සවස 1න් පසුව තැන තැන වැසි

    September 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.