Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්
    Local News

    රටවල් තුනකට කැනඩාවෙන් තාවකාලික සංචාරක තහනමක්

    By LFNMay 27, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට කැනඩාව තීරණය කර තිබේ.

    ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම තහනම් කෙරේ.

    කැනඩා රජය පවසන්නේ, ඊබෝලා වෛරසය කැනඩාවට ඇතුළු වීම සහ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

    කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ Bundibugyo වර්ගයේ ඊබෝලා වෛරස් ප්‍රභේදය ජාතික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම “ඉතා ඉහළ” මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.

    මේ අතර, පසුගිය සතියේ අමෙරිකාව ද මෙම රටවල් තුන වෙත පසුගිය සතිවල සංචාරය කළ අමෙරිකානු නොවන පුරවැසියන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරනු ලැබීය.

    කෙසේ වෙතත්, මෙම පීඩාවට පත් ප්‍රදේශවල රැඳී සිටි, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන කැනඩා පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ අනෙකුත් විදේශීය වැසියන්ට මැයි 30 වනදා සිට දින 21 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවනු ඇත.

    අමෙරිකාව, කැනඩාව හෝ බහමාස් රාජ්‍යයෙන් මේ දක්වා කිසිදු ඊබෝලා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.