නර්තන කණ්ඩායමක ස්වරූපයෙන්, කාන්තාවන් ලෙස වෙස්වලාගත් තායිලන්ත පොලිස් නිලධාරීන් පිරිසක් දියත් කළ සුවිශේෂී මෙහෙයුමකින් එරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී “Mekha Fa-Wap-Wap” නැමැති සැකකරු අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු සන්තකයේ තිබී මෙතැම්පටමයින් (Methamphetamine) මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීතිවිරෝධී සූදු ව්‍යාපාර සඳහා භාවිතා කළ ජංගම දුරකථන ද පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් වෙස්වලාගෙන සිටින මෙම වැටලීමට අදාළ ඡායාරූපය මේ වන විට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි තුළ දැඩි අවධානයට ලක්වෙමින් පවතී.
