Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 2026

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026

    සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට ධර්මාධිකරණය යළි පිහිටුවීමේ තීරණයක්

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්
    Local News

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    By LFNMay 27, 2026No Comments1 Min Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටින ජාතික නිදහස් පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

    ‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව අද කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළ බවයි.

    ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බව දන්වා සිටිමින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ඔක්තෝබර් මස 14 යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (27) නියෝග කළ බව සඳහන් වෙයි.

    මේ අතර, මෙම සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුනේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මිල් මහතා ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

    May 27, 2026

    පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කර සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙයි

    May 27, 2026

    වෙසක් සතිය වෙනුවෙන් මැයි 30, 31 සුරාසැල් වැසේ

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    විජේ හා මෝදි අතර හමුවක්

    May 27, 202600 Views

    තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ අද (27) නවදිල්ලියේදී අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී තිබේ. එහිදී…

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීරට අධිකරණ නියෝගයක්

    May 27, 2026

    සංඝ සමාජයේ විනය ආරක්ෂා කරගැනීමට ධර්මාධිකරණය යළි පිහිටුවීමේ තීරණයක්

    May 27, 2026

    ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.