Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්
    Local News

    රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

    By LFNMay 28, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඌන උපයෝජිත රජයේ වතු ඉඩම් සහ දේපළ ආයෝජනයට දීමේ දෙවන අදියර මේ වනවිට ආරම්භ කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.

    එය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය ප්‍රකාශය මඟින් ඉදිරිපත් කළ ඌණ උපයෝජිත ඉඩම් හඳුනාගෙන, ඒ්වා වඩාත් ඵලදායී ලෙස උපයෝජනය කිරීමේ ප්‍රතිපත්තියට අනුවය.

    ඒ අනුව අමාත්‍යාංශය සතු ජනතා වතු සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ඇල්කඩුව වැවිලා සමාගම යන ආයතන සතු ඌණ උපයෝජිත ඉඩම් හා දේපළ ප්‍රශස්ත ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.

    මෙම ආයෝජන අවස්ථා සඳහා සුදුසුකම් ලත් දේශීය මෙන්ම විදේශීය ආයෝජිකයින්ගේ ද අභිලාෂ ප්‍රකාශ කිරීම් මේ වනවිටත් කැඳවා ඇති බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මොනරාගල, කෑගල්ල සහ ගාල්ල වැනි දිස්ත්‍රික්කවල පිහිටි විශාල වතු ඉඩම්, තේ කර්මාන්තශාලා සහ බංගලා සඳහා ආයෝජනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

    ආයෝජන ඉඩම් ප්‍රමාණයන් කාණ්ඩ 5ක් යට‌තේ වර්ග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 2026

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    රතු නිවේදන නිකුත් කළ අපරාධකරුවන් 89ක් මෙරටට ගෙන්වාගැනීමට සූදානම් – පොලීසිය

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    වැලිකඩ OIC රිමාන්ඩ්

    May 28, 202600 Views

    පසුගියදා රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර ආපසු ලබාදීම සඳහා රුපියල් ලක්ෂ…

    කාන්තා සෞඛ්‍යය ගැන සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

    May 28, 2026

    ඉන්දියාවේ ඉදිකර ඇති මෙසීගේ යෝධ ප්‍රතිමාව ඉවත් කිරීමට පියවර

    May 28, 2026

    රජයේ වතු ඉඩම්වල සහ දේපළවලට ආයෝජනය කිරීමට අවස්ථාවක්

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.