ඉන්දියාවේ කොල්කටාහි ඉදිකර ඇති අඩි 70ක් පමණ උසැති ආර්ජන්ටිනාවේ පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ ප්‍රතිමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.
එම පිළිරුව සුළඟට සෙලවීම බලධාරින් විසින් නිරීක්ෂණය කිරීම හේතුවෙන් මෙම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙසි ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර ඊට සමගාමීව මෙම පිළිරුව විවෘත කරන ලදී.
මෙම ප්‍රතිමාව අනාරක්ෂිත බව ප්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිලිවලට අනුව පසුගිය සඳුදා දින මෙම ප්‍රතිමාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එය වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියෝග කර ඇත.
එය කාර්යබහුල සහ උමං මාර්ගයකට ආසන්නයේ පිහිටා ඇති අතර ඒ අසළින් ගමන් කිරීම ජනතාවට තහනම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දින 27ක් තුළ 45 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් විසින් එකලස් කරන ලද මෙම ප්‍රතිමාව සඳහා බලධාරින් විසින් විකල්ප ස්ථානයක් සොයමින් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
