Author: LFN

කඳුරට හින්දු  පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික  සනත් කුමානායක මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌පැවැත්විණි. කඳුරට හින්දු පූජකවරුන් දශක ගණනාවක් තිස්සේ මුහුණ දී සිටින ගැටලු සහ පොදු කරුණු කිහිපයක් සම්බන්ධව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර, එම ගැටලුවලට ක්‍රමානුකූලව විසඳුම් ලබා දීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම මාස දෙකකට හෝ තුනකට වරක් රැස්වී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරිණි. කඳුරට ප්‍රදේශවල ජනතා අවශ්‍යතා ඉටු කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර තම ගැටලු සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දීම පිළිබඳ රජයට ස්තුතිය පිරිනමන බව හින්දු…

Read More

මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. ඇල්ටෝ ධර්මේ නැමැත්තාට රතු නිවේදනද නිකුත් කර තිබූ අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී තිබේ.

Read More

ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අද (26) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමේ ප්‍රධානතම බලාපොරොත්තුව වන්නේ වෙළඳපොළ පොලී අනුපාතය ඉහළ දැමීම වන බවය. එනම් අනවශ්‍ය ලෙස ණය ලබා ගැනීමේ ප්‍රමාණය යම් ආකාරයකට අඩු කිරීම මෙහි අපේක්ෂාව වන බවද නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම ආර්ථිකයේ කිසිදු හැකිලීමක් මේවන තෙක් සිදුව නොමැති බවත් ඊළඟ වාරික දෙක තුළ ද ආර්ථිකය වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්…

Read More

දේශීය බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් “සුරකිමු ලංකා” නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. පොසිල ඉන්ධන මත මෙරට බලශක්ති සැපයුම වැඩි වශයෙන් රඳා පැවතීම, වියළි කාලගුණික තත්ත්වයන්, භූ දේශපාලනික අස්ථාවරතා හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිවන බාධා සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්ඡාවචනය වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි අභියෝග එල්ල වී ඇති බව රජය පෙන්වා දෙයි. එමෙන්ම ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට අතිරේක පීඩනයක් එල්ල කරන අතර, විදුලි පාරිභෝගිකයන්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව ද එය තවදුරටත් තීව්‍ර කර ඇති බව හඳුනාගෙන ඇත. ඒ අනුව, වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් පවතින කාලවලදී විදුලි පරිභෝජනය ඒ…

Read More

මහජන ඡන්දයෙන් තේරී පත්වී පාර්ලිමේන්තුවට පැමිණ පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ විවිධ ප්‍රකාශ පළවෙන නමුත් විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ කිසිදු සූදානමක් නොමැති බවය. යම් යම් පාර්ශ්වයන්ගේ ප්‍රාර්ථනා තිබුණද රජයට එවැනි සූදානමක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා රජයට පැහැදිලි ජන වරමක් ලැබී ඇති බැවින් ඒ අනුව කටයුතු කරන බවද සඳහන් කළේය. “විපක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ගන්න අපේ කැමැත්තක් හෝ උත්සාහයක් නෑ. ප්‍රාර්ථනා තියෙන්න පුළුවන් නමුත්…

Read More

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින්, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එහි සඳහන් වන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත්…

Read More

පාකිස්තානය කොන්දේසි විරහිතව ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව මෙරට පාකිස්තාන මහකොමසාරිස්  Major General Dr Nayyar Naseer මහතා පවසයි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ පකිස්තාන මහකොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (25) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණ. එහිදි අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ පාකිස්තානය, ලොව පස්වෙනි තැනට සත්ත්ව නිෂ්පාදනයෙන් ඉදිරියෙන් සිටින බැවින් ඒ ආශ්‍රිත දැනුම සහ කෘෂි නිෂ්පාදන සම්බන්ධ දැනුම සහ සහාය ලබා දීමට සුදානම් බවය. එමෙන්ම ජුනි මස අගදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය පාකිස්තානු සංචාරයක් සඳහා පැමිණීමට නියමිත බවත්, ඒ සඳහා ඉතා උවමනාවෙන් සිය රට සූදානම් වෙමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත. “පළමුවෙන් මෙම අවස්ථාව…

Read More

වී අලෙවි මණ්ඩලය සතු වී තොග අලෙවි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. වී අලෙවි මණ්ඩලය සතුව ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග මෙට්‍රික්ටොන් 115,000කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර ඇති අතර ඉදිරි යල කන්නයේ ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ සහ අරමුදල් සලසා ගැනීම අරමුණු කරගනිමින් මෙම වී තොග අලෙවි කිරීමට තීරණය කර ඇත. ඒ අනුව විධිමත් ටෙන්ඩර් ක්‍රමවේදය අනුගමනය කරමින් එම වී තොග අලෙවි කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Read More

‍සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ගල්අගුරු රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් 30 වන දින අදාළ ගල් අගුරු නෞකාවේ පැටවුම් වාර්තාවේ පිටපත් ගල් අගුරු සමාගමේ සියලු නිලධාරීන් හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ඇතුළු පිරිසක් වෙත යොමු කර ඇති බවය. එම පැටවුම් වාර්තාවට අනුව අදාළ ගල් අගුරු නෞකාව දකුණු අප්‍රිකාවේ රිචර්ඩ් බේ කෝල් ටර්මිනල් වරායේ සිට මෙරටට පැමිණ ඇති අතර එහි ගල් අගුරු මෙට්‍රික් ටොන් 59,766ක තොගයක් පවතින බව සඳහන්ය. එමෙන්ම අදාළ ගල් අගුරු තොගයේ අළු ප්‍රතිශතය ඒකක 16.8ක් වන බැවින් ලංකා ගල් අගුරු සමාගම…

Read More

බණ්ඩාරගම පොලිස් වසමට අයත් පේරුවලවත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ (25) අලුයම කාලයේදී ඇතිවූ හදිසි ගින්නකට හසුවීමෙන් බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලැබූ 69 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගින්නෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මියගොස් ඇති බව බණ්ඩාරගම පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පේරුවලවත්ත, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා එම නිවසේ තනිවම පදිංචිව සිට ඇති බවයි. නිවස තුළ මෙම හදිසි ගින්න හටගැනීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව විද්‍යාත්මක සහ නිල විමර්ශන ආරම්භ කර තිබේ. මියගිය…

Read More