Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි
    Hot News

    රටක් හැඬවූ දරු දෙදෙනාගේ මරණ ගැන කරුණු රැසක් හෙළිවෙයි

    By LFNMay 29, 2026No Comments2 Mins Read22 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මඩකලපුව ප්‍රදේශයේ හෝටල් කාමරයක හටගත් ගින්නක දුමාරය ආඝ්‍රාණය වීමෙන් එකම පවුලේ දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම පසුපස තිබූ වංචාවක් අනාවරණය කර ගැනීමට මඩකලපුව පොලීසිය සමත්ව තිබේ.

    පියා විසින් හෝටල් කාමරයේ දොර පිටතින් වසා දමා ගොස් තිබූ අවස්ථාවක, එහි තිබූ මෙට්ටයකට ගිනිගෙන හටගත් අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් මෙම දරුවන් දෙදෙනා මියගොස් තිබුණි.

    මෙලෙස මරණයට පත්වූයේ එකම පවුලේ අවුරුදු 3ක පිරිමි දරුවෙකු සහ අවුරුදු 5ක ගැහැණු දරුවෙක්ය.

    සිද්ධිය පිළිබඳව මඩකලපුව මූලස්ථාන පොලීසිය සිදුකළ දීර්ඝ විමර්ශනවලදී, පෙර අනාවරණය වූ කරුණුවලට හාත්පසින් වෙනස් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

    ඒ අනුව සැකකාර පියා මඩකලපුව පොලීසිය විසින් ඊයේ (28) පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

    පෙරදී වාර්තා වූයේ පිළිකා රෝගයෙන් පෙළෙන සිය මව බැලීම සඳහා දරුවන් මඩකලපුවට පැමිණ ඇති බවය. නමුත් වෛද්‍ය හා පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ, දරුවන්ගේ මවට කිසිදු පිළිකා රෝගී තත්ත්වයක් නොමැති බවයි. ඇය මේ වනවිට මාතර ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේ පසුවන බව හෙළි වී තිබේ.

    සැකකරු සිය බිරිඳට පිළිකාවක් වැළඳී ඇති බව පවසමින්, මෙම අහිංසක දරුවන් දෙදෙනාද උපයෝගී කරගනිමින් විවිධ ප්‍රදේශවල සිඟමනේ යොදවා මුදල් උපයා ඇති බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

    සැකකරු තමන් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පවසා තිබුණද, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හෙළි වී තිබේ.

    ඔහු ළඟ තිබූ ජාතික හැඳුනුම්පත බදුල්ල ප්‍රදේශයේ වෙනත් පුද්ගලයෙකුට අයත් එකකි. එම හැඳුනුම්පත 2023 වසරේදී අස්ථානගත වූවක් වන අතර, එහි සැබෑ අයිතිකරු මේ වනවිට නීත්‍යානුකූලව නව හැඳුනුම්පතක් ලබාගෙන කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටියි.

    සැකකරු එම හැඳුනුම්පත භාවිත කරමින් කාලයක් තිස්සේ ජනතාව මුලා කර ඇත.

    සැකකාර පියාට එරෙහිව මීට පෙරද ප්‍රදේශ කිහිපයක පොලිස් ස්ථානවල වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පවතින බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා මියගිය දරුවන්ගේ මවද මේ වනවිට පොලීසිය වෙත කැඳවීමට පියවර ගෙන ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.