මෙවර ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පොහොය දිනට පසුදින එනම් මැයි 31 වන දිනයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි පවසති.
උන්වහන්සේ සඳහන් කළේ වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවය.
වෙසක් පොහොයට පසුදින එනම් 31 වනදා ශ්‍රී පාද උඩ මළුවේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව උඩ මළුවේ තැන්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේපැල්මඩුල්ලගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහැර මගින් වැඩම කරවීම සිදුවන බව බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කළේය.
එසේ වැඩම කල සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන බව උන්වහන්සේ පැවසීය.
