Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි – ඉන්ධන සහනාධාරය ගැනත් කියයි

    May 28, 2026

    විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

    May 28, 2026

    ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

    May 28, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි – ඉන්ධන සහනාධාරය ගැනත් කියයි
    Hot News

    රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි – ඉන්ධන සහනාධාරය ගැනත් කියයි

    By LFNMay 28, 2026No Comments2 Mins Read1 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අද (28) අනුමැතිය හිමිවිය.

    ‍ඒ අනුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමිවෙයි.

    මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වනු ලැබීය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ,

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කර තිබෙනවා. මෙම තීරණය මගින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 695ක් සඳහා ප්‍රවේශය ලබාදෙන අතර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදී ඇති සම්පූර්ණ මූල්‍ය ණය ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනවා.” 

    ප්‍රශ්නය 01 – මගේ ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත පිළිබඳ දැන් ඇති වී තිබෙන තත්ත්වය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තත්ත්වය දකින්නේ කොහොමද? IMF ශ්‍රී ලංකා මහබැංකුවෙන් ඉල්ලා සිටි කරුණක් තමයි විනිමය අනුපාත වඩාත් නම්‍යශීලී ආකාරයෙන් පවත්වාගත යුතු බව. ඔබ ඒ  විදියට කොයිතරම් නම්‍යශීලීතාවක්, කොපමණ කාලයක් පවත්වාගත යුතුදැයි අපේක්ෂා කරනවාද?

    පිළිතුර – “ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තීන් ස්ථාවරත්වය පවත්වාගැනීම සහ උද්ධමනය පාලනය කිරීමේ පදනම මත පවත්වාගෙන යන ආකාරයයි අප දකින්නේ. උද්ධමනය 2022 වසරේ අර්බුදය සමයේ පැවති 60%ක 70% ක උපරිම මට්ටමක සිට කැපී පෙනෙන විදියට එක් දශාංශයක් දක්වා පහත වැටී තිබෙනවා. දැන් පසුගිය මාසයේ උද්ධමනයේ තාවකාලික ඉහළයාමක් දක්නට ලැබුණා. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මේ තත්ත්වයෙන් පිළිබිඹු වන්නේ නිසි මූල්‍ය පිළිවෙත් අනුගමනය කිරීම මිස මුදල් මුද්‍රණ්‍ය කිරීම නිසා නෙවෙයි. මහබැංකුව මූල්‍ය අරමුදලේ වැඩසටහන අයවැය පරතරය පියවීම සඳහා යොදා ගැනීමෙන් වැළකී සිටිනවා. ප්‍රතිපත්ති පොලී අනුපාත 5%ක උද්ධමනය ඉලක්කය අනුව පවත්වාගෙන යනු ලබනවා. විනිමය අනුපාත ඉහළ නම්‍යශීලීතාවක් පෙන්නුම් කරමින් විදේශ සංචිතය යළි ගොඩනැංවීමට දායක වන අයුරින් පවතින බව පැවසිය හැකියි. එම සංචිත ගොඩනැංවීම මැදපෙරදිග අර්බුදය හේතුවෙන් මන්දගාමී වී ඇති නිසා එය ගොඩනැංවීමට සහායක් ලබාදිය යුතු වනවා.” 

    ප්‍රශ්නය 02 –  වර්තමානයේ ක්‍රියාත්මක ඉන්ධන සහනාධාර ක්‍රමවේදය තවත් මාස කිහිපයක් පවත්වාගෙන යා හැකිද? නැතහොත් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සමග දේශීය ඉන්ධන මිල ගණන් ගැලපිය යුතුද?

    පිළිතුර – “තාවකාලික සහනාධාර පැකේජය IMF ඉලක්ක අනුව පවත්වාගෙන යාම පිළිබඳව අප බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. පසුගිය මාසයේ කොළඹදී අප සාකච්ඡා කළ ආකාරයට එහි පරාමිතීන් අප අවබෝධ කරගෙන තිබෙනවා. රුපියල් බිලියන 100ක මේ සහනාධාර පැකේජය තාවකාලික එකක්. එය ලබන සැප්තැම්බර් මාසයේ අවසන්වීමට නියමිතව තිබෙනවා. එය භාවිත කරන ආකාරයන් ඊටත් කලින් අවසන් විය හැකියි. මේ නිසා එම ඉලක්කය පිළිබඳව අප බලධාරීන් සමග සාකච්ඡා කර තිබෙන්නේ.” 

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

    May 28, 2026

    රථ වාහන වැරදි කළැයි පොලීසිය නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක්

    May 28, 2026

    දකුණු කළුතර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු මරුට (වීඩියෝ)

    May 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,442 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,599 Views
    Don't Miss

    රුපියලේ ශක්තිමත් භාවය ගැන IMF කතා කරයි – ඉන්ධන සහනාධාරය ගැනත් කියයි

    May 28, 202601 Views

    ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ පස් වන සහ හය වන සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ…

    විදුලිබල ඇතුළු සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

    May 28, 2026

    ව්‍යාජ SMS සහ WhatsApp පණිවුඩ ගැන මහජනතාවට අනතුරු ඇඟවීමක්

    May 28, 2026

    රථ වාහන වැරදි කළැයි පොලීසිය නමින් SMS එවා මුදල් ගරන ජාවාරමක්

    May 28, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.