Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ
    Hot News

    ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ

    By LFNJune 1, 2026No Comments1 Min Read5 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ දක්වා නිල වශයෙන් දැනුම්දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

    කෙසේ වෙතත් නිල නොවන ආරංචි මාර්ග ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත් හෙතෙම කීය.

    “නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකරන තිබුණත්, මේ පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබුණා. මේ පිළිබඳව පොලිසිය අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නවා. රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබෙනවා. ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ඉදිරියේදී කරනවා. ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි රාජ්‍යයෙන් නිල දැනුම්දීමක් නැහැ. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. කොහොම වුණත්, මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය හරහා සොයා බලමින් ඉන්නවා. මොන ආකාරයේ පුද්ගලයෙක් වුණත්, ඔහුව නීතියේ රැහැන‌ට කොටු කරගන්න. අපි අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා.”

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවට පසුගිය සතියේ තොරතුරු වාර්තා විය.

    ඉරානය මත්ද්‍රව්‍ය ජාලය සමග ඍජු සබඳතා පැවැතීම හේතුවෙන් මොහු අමෙරිකාවට පවා අවශ්‍යව සිටින තැනැත්තෙකු බව සඳහන්ය.

    එමෙන්ම මොහු ඩුබායිහි ධන ක්වේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

    ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බව ද සඳහන්.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.