Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්
    Local News

    සෙනෙහසේ කැදැල්ල ගැන ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමයෙන් හෙළිදරව්වක්

    By LFNJune 6, 2026No Comments2 Mins Read12 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගින්නකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අගුරුවාතොට ‘සෙනෙහසේ කැදැල්ල’ නිවාසයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අදාළ ප්‍රදේශය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිසි ක්‍රියාමාර්ග නොගත් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති ආර්.සෙන්දිල් මහතා පවසන්නේ එම නිවාසයේ දීර්ඝ කාලයක් පුරා පැවති ගැටලු පිළිබඳව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් අවස්ථා කිහිපයකදී අදාළ බලධාරීන් දැනුවත් කර තිබු බවය.

    ආබාධිත තැනැත්තන් සඳහා වූ මහලේකම් කාර්යාලය, සාමාජ සේවා දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසිය ඇතුළු බලධාරීන් මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් පසුගිය පෙබරවාරි මස 6 ‍වෙනිදා මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කර ඇත.

    2024 වසරේ නොවැම්බර් මාසයේ සිට මෙම ආයතනය පවත්වාගෙන යන අතර ආරම්භයේදී මානසික රෝගී කාන්තාවන් සඳහා පමණක් වෙන් වූ මෙම නිවාසය පසුව මානසික රෝගී පිරිමි පුද්ගලයින් සඳහා ද රැකවරණය සැලසීම සිදු කර ඇති බව එම ලිපියෙන් ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කර තිබේ.

    එම නිවාසය සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන නොමැති අතර ආරක්ෂිත වැටක් නොමැති වීම හේතුවෙන් එහි සිටි පුද්ගලයින් ඉන් පැනයාමේ සිදුවීම් මෙන්ම මරණ කිහිපයක් ද වාර්තා වී ඇති බවට ද  ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන් වේ.

    එම නිවාසය තමා ඇතුළු නිලධාරීන් විසින් වරින් වර අධීක්ෂණය කර එය ක්‍රමවත්ව, සෞඛ්‍යාරක්ෂිතව සහ පිරිසිදුව පවත්වාගෙන යන ලෙසත්, ධාරිතාව ඉක්මවා නේවාසිකයින් ඇතුළත් කර නොගන්නා ලෙසත් එම නිවාසයේ හිමිකරුවන් දැනුවත් කළ ද ඔවුන් එම උපදෙස් අනුගමනය කර නොමැති බව මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය පසුගිය පෙබරවාරි මාසයේ බලධාරීන් වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

    මෙම තත්ත්වය තුළ මානසික ආබාධ සහිත පුද්ගලයින් කිසිදු නියාමනයකින් හා අධීක්ෂණයකින් තොරව  භාරගනිමින් පෞද්ගලික පදනමින් පවත්වාගෙන යනු ලබන මෙම නිවාසය සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිල්ලනිය ප්‍රාදේශීය ලේකම්වරිය බලධාරීන්ගෙන් ඉල්ලා තිබු බව සඳහන්ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.