Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය
    Hot News

    මහර බන්ධනාගාර ගැටුමේ සම්පූර්ණ විස්තරය

    By LFNAugust 2, 2026No Comments3 Mins Read10 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද (02) උදෑසන 6.00 පමණ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව ලැබුණි.

    හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් හය දෙනෙකු තුවාල ලැබීය.

    නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපොළ රැසක් විනාශ කර ඇති බවය.

    රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාව හට ගැණුනි.

    මහර බන්ධනාගාරයේ ඉදිකෙරෙමින් පවතින තාවකාලික තාප්පයක් බිඳ රැඳවියන් පිරිසක් පලායාමට එහිදී උත්සාහ දැරූ බවටත් වාර්තා වේ.

    තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා තිබුණි.

    ඒ සමග ඇති වූ තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාරයේ පිවිසුම් දොරටුව අසල සිටි බන්ධනාගාර නිලධාරීන් වෙඩිතබා ඇති බව වේ.

    මෙහිදී නොසන්සුන්කාරී තත්ත්වය ඇති කළ රැඳවියන්, ඔවුන්ට සහාය නොවූ සෙසු රැඳවියන් පිරිසකට පහරදී තුවාල සිදුකර තිබේ.

    එහිදී තුවාල ලැබූ රැඳවියන් 6දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණි.

    කෙසේවෙතත් ඒ අතර සිටි එක් රැඳවියෙක් පසුව ජීවිතක්ෂයට පත් විය.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකි.

    ඔහු යතුරුපැදියක් සොරකම් කිරීම සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

    මහර බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් දැනගත් රැඳවියන්ගේ ඥාතීන් මහර බන්ධනාගාරය ඉදිරිපිටට ඊයේ පස්වරුවේම රැස්විය.

    ඒ අනුව බන්ධනාගාරයේ හා ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසිය, කැරලි මර්දන සාමාජිකයින්, යුද හා නාවික හමුදා මෙන්ම STF සාමාජිකයින්ද එහි කැඳවනු ලැබීය.

    කෙසේවෙතත් වෙඩි හඬට සමාන හඬ බන්ධනාගාර පරිශ්‍රයෙන් ඇසෙන්නට වීමත් සමඟ කුපිත වූ රැඳවියන්ගේ ඥාතීන් මාර්ග බාධක බිඳහෙලමින් ඉදිරියට යෑමට උත්සාහ කර ඇත.

    නමුත් එම උත්සාහය පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයින් ව්‍යර්ථ කළ අතර පසුව රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය දෙසට ගල්මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණි.

    ඒ අතර බන්ධනාගාරය තුළ තත්ත්වය ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානයක් සහ බෙල් 412 වර්ගයේ යානයක්ද යෙදවීමට ගුවන් හමුදාව පියවර ගත්තේය.

    පසුව පොලිස් නිලධාරියෙක් පැමිණ රැඳවියන්ගේ ඥාතීන්ට කරුණු පැහැදිලි කරදීමෙන් පසු පිරිස බන්ධනාගාරය ඉදිරිපිටින් ඉවත් කිරීමට පියවර ගැනුණි.

    එම අවස්ථාවේදීත් එහි නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.

    විරෝධය මධ්‍යයේ එම පිරිස ඒ ආසන්න මාර්ගයක් වෙත යොමු කෙරුණු අතර ප්‍රදේශයේ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු රාගම පොලිස් බල ප්‍රදේශයට අයත් මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 03ක් සඳහා ඊයේ රාත්‍රියේ සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළේය.

    ඒ , 246 කැන්දලියද්ද පාළුව බටහිර, 246 සී කැන්දලියද්ද පාළුව උතුර සහ 181 ජී දඹුව යන ග්‍රාම සේවා වසම් සඳහාය.

    කෙසේවෙතත් පවතින තත්ත්වය පාලනය කර ඇති බැවින්, අදාළ ප්‍රදේශ සඳහා පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය මීට සුළු වේලාවකට පෙර ඉවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.