Close Menu
Lanka Focus News
    What's Hot

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 2026

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
    Local News

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    By LFNAugust 5, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි.

    තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක් හා කිණිස්සක් සමඟ නිවසක රැඳී සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

    සැකකරුට මීට පෙරද පැහැර ගැනීම්, පහරදීම්, පුද්ගලයන් කපාකොටා බරපතළ තුවාල සිදු කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයක නඩු රැසක් පවතින බවද අනාවරණය වී තිබේ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

    August 3, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,456 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,412 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,614 Views
    Don't Miss

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 5, 202604 Views

    බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස්…

    ඝාතනයකට සැරසුණු පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

    August 4, 2026

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    August 4, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී100 ඉක්ම වූ තද වැසි

    August 3, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.