Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»ධීවර ප්‍රජාවට හදිසි ආරක්ෂක නිවේදනයක්
    Local News

    ධීවර ප්‍රජාවට හදිසි ආරක්ෂක නිවේදනයක්

    By LFNAugust 1, 2026No Comments2 Mins Read8 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

    ඒ ඇතිවිය හැකි අහයපත් කාලගුණික තත්ත්වය පිළිබඳව පුරෝකථනය කරමිනි.

    දිවයිනට බස්නාහිර දෙසින් අද (31) රාත්‍රී කාලයේ සිට ඇතිවන වැසි සහිත කාලගුණ තත්ත්වය සහ සුළඟේ වේගය ඉහළ යාම හේතුවෙන්, දිවයින වටා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇත.

    මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විසින් සමස්ත ධීවර ප්‍රජාව වෙත හදිසි ආරක්ෂක නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ සහ කළුතර (බේරුවල දක්වා) වන මුහුදු ප්‍රදේශවල වෙරළාසන්නව රැකියාවේ නිරත වන කුඩා සහ එක්දින ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු රැකියාව සඳහා මුහුදු යාමෙන් වළකින ලෙස දැනුම් දී ඇත.

    විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ අගයකට පත් විය හැකි අතර, ඒ සමඟ මුහුදු රළ ඉහළ යාම කුඩා යාත්‍රාවලට දැඩි තර්ජනයක් විය හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ මේ වන විටත් මුහුදු ගොස් සිටින කුඩා සහ එක්දින ධීවර යාත්‍රා ඇත්නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ගොඩබිම වෙත පැමිණෙන ලෙසය.

    රාත්‍රි කාලයේදී සුළඟේ වේගය තවදුරටත් ඉහළ යා හැකි බැවින් කිසිදු හේතුවක් මත අනවශ්‍ය අවදානමක් නොගන්නා ලෙසත් තමන් කාරුණිකව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

    පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව ධීවර හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මගින් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත්, තම ජීවිත හා දේපළ ආරක්ෂාව පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 202603 Views

    බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.