Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්
    Hot News

    ආපදා මරණ 6ක් – අයෙක් අතුරුදන්

    By LFNAugust 4, 2026No Comments1 Min Read4 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ.

    එමෙන්ම දියේ ගිලී එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

    මේ අතර ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි.

    ඊයේ (03) දහවල් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම නිවසට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඊට යටවූ නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

    අනතුරින් පසුව නාවලපිටිය – දොලොස්බාගේ මාර්ගයේ 2 වන කණුව අසල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අවහිර වුණි.

    ඊයේ සවස වටවල පොලිස් වසමේ ඥානානන්දගම මාර්ගයේ මහවැලි ගඟ හරහා ඇති පාලමෙ මතින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මහවැලි ගඟට වැටී දියේ ගිලී මියගොස් තිබුණි.

    එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි වටවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර, ඊයේ දහවල් ගිනිගත්හේන පොලිස් වසමේ අඹගමුව ප්‍රදේශයට හැලුනු අධික වර්ෂාව හේතුවෙන් ජලයෙන් යටවුනු මාර්ගයක ගමන්ගත් පුද්ගලයෙකු ජල පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබේ.

    එලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 45ක් වූ අඹගමුව ප්‍රදේශයේ අයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202607 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.