Author: LFN

අද (31) දිනය තුළ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Read More

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා දෛනිකව සිදු කෙරෙන සම්ප්‍රදායානුකූල තේවා රාජකාරී කටයුතු මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් අස්ගිරි මහා විහාර පාර්ශ්වය වෙත පැවරීම අද (30) දින චාරිත්‍රානුකූලව සිදුවිය. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහානායක හිමිපාණන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදු කෙරිණි. ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පැවරී පවතින අතර, වසරක් පාසා දෙපාර්ශ්වය අතර තේවා කටයුතු හුවමාරු වීම රජ දවස පටන් පැවත එන ගෞරවනීය චාරිත්‍රයකි. සෑම වසරකම ඇසළ පුන් පොහෝ දිනට පසුදින…

Read More

දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතනවල කටයුතු වඩාත් විධිමත් කිරීම, පාලනය කිරීම සහ ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වා තිබේ. ඒ, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙනි. මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය. පවතින පනතේ ඇති අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරමින් අදාළ පනත සංශෝධනය කර බලාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්ෂක ආයතනවල වත්මන් තත්ත්වය, නීතිමය රාමුව සක්‍රිය කිරීම හා කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම මෙන්ම, එම ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු පිළිබඳව…

Read More

අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින් හඳුන්වා දුන් සූකර රක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ මාසයක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර සත්ව පාලන ගොවින් වෙත හඳුන්වා දීමට කටයුතු කර තිබුණි. මෙහිදී අගෝස්තු මාසය සූකර රක්ෂණ මාසයක් ලෙස ප්‍රකාශයට පත්කර අභිජනන සූකර සතුන් රක්ෂණය සඳහා යොමු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සකස් කර ඇත. තවද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ වාණිජ මට්ටමින් නඩත්තු කරනු ලබන සූකර ගොවිපලවල් හි අභිජනන සතුන් රක්ෂණයට ඇතුළත් කරගැනීමද බලාපොරොත්තු වේ. අප්‍රිකානු…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී. උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී.…

Read More

ඉරානය විසින් චීනයෙන් shoulder-launched missiles (උරහිස මත තබා ප්‍රහාර එල්ල කළ හැකි) ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තොගයක් මිලදී ගෙන තිබේ. ඉදිරි සති කිහිපය තුළ මෙහි පළමු තොගය ඉරානයට ලැබීමට නියමිත බව සඳහන් වෙයි. මෙම launchers 300ත් 400ත් අතර ප්‍රමාණයක් මිලදී ගැනීමට ගිවිසුම් තබා ඇති බව සඳහන් වෙයි. මෙහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 60-70ක් පමණ වන බව වාර්තා වෙයි. මෙයට චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16යන මිසයිල වර්ග ද ඇතුළත් බව සඳහන් වෙයි. අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හමුවේ, තමන්ගේ හමුදා කඳවුරු සහ වැදගත් ස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා ඉරානය මෙම පියවර ගෙන තිබේ. මෙම ගිවිසුම සිදුකර තිබෙන්නේ හොංකොං හි පිහිටි…

Read More

9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට  සැලසුම් කර තිබෙන බවත්, එය 40%ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන  ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027…

Read More

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස ඇසළ පොහොය සැලකේ. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරන ලද්දේ ද ඇසල පුන් පොහොය දිනක වන අතර තව්තිසා දෙව් ලොවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ මව්ට උපස්ථාන කිරීමේ ආදර්ශය පෙන්වා දෙමින් අභිධර්ම දේශනා කිරීම සිදුකරනු ලැබුයේ ද අද වැනි පොහොය…

Read More

ශ්‍රී ලංකාව ලොව වේගයෙන්ම දියුණුවන රාජ්‍යයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ. 2026 වර්ෂයේ ආයෝජක සබදතා සහ ණය විනිවිදභාවය පිළිබඳ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට මෙම පිළිගැනීම හිමිව ඇති බව වාර්තා වේ. අදාළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වේගයෙන් දියුණු වන රටවල් අතර සිව්වන ස්ථානයට පත්ව ඇත. එහි පළමු ස්ථානය වියට්නාමයට ද, දෙවන ස්ථානය බෙලීස් රාජ්‍යයට ද, තෙවන ස්ථානය මොසැම්බික් රාජ්‍යයට ද හිමිව ඇති බව වාර්තා වේ. ණය විනිවිදභාවය සහ අයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වන විට වාර්තා කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙයි. ණය විනිවිදභාවය සඳහා නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට…

Read More

බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවගමුව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙම සිද්ධියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවත් ඔහු මින්නේරිය යුද හමුදා කඳවුරෙන් ගිනිඅවි පැන්නූ සිද්ධියේ සැකකරුවෙකු බවද සඳහන් වේ. ඊයේ රාත්‍රි 7.45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මංතීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි. වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අවුරුදු 55ක පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන්…

Read More