Author: LFN
පිටකොටුව ප්රදේශයේ නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් අලෙවි කරන වෙළෙඳසැල් ඉලක්ක කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ විශේෂ වැටලීමකදී බෝතල් 801ක් නඩු භාණ්ඩ ලෙස භාරයට ගෙන තිබේ. අදාළ බෝතල් සම්බන්ධයෙන් විශේෂ වැටලීම් හා විමර්ශන සිදුකර ඇති අතර, විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ වෙළෙඳ ආයතනවලට එරෙහිව මහේස්ත්රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි. පානීය ද්රව රැගෙන යාම සඳහා භාවිත කරන නැවත භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් සඳහා SLS 1616 ප්රමිතිය අදාළ වේ. ශ්රී ලංකාවේ නිෂ්පාදිත එවැනි බෝතල් සඳහා ශ්රී ලංකා ප්රමිති ආයතනයේ SLS නිෂ්පාදන සහතික ලාංඡනය තිබිය යුතු අතර, ආනයනික බෝතල් SLSI ආනයන…
ඌව, නැගෙනහිර සහ මධ්යම පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින වැසි අධික කාලයත් සමග දිස්ත්රික්ක 7කට නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම නිවේදනය අද (27) පස්වරු 4 සිට හෙට (28) පස්වරු 4 දක්වා ක්රියාත්මක වනු ඇත. ගාල්ල දිස්ත්රික්කයේ නියගම, තවලම, නෙළුව සහ නාගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට සහ අරණායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අවදානයෙන් සිටින ලෙසට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය, කරන්දෙණිය, බද්දේගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර එක යටතේ විමසිල්ලෙන් සිටින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම්දෙයි. මහනුවර දිස්ත්රික්කයේ මැදදුම්බර, ගඟ ඉහළ…
බෙංගාල බොක්කේ ගැඹුරු මුහුදු ප්රදේශවල යාත්රා කරන බහුදින ධීවර යාත්රා සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ. ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්යස්ථානය විසින් අද (24) රාත්රී 10.00ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ. ඒ අනුව, උතුරු ආන්ද්ර ප්රදේශයට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය වයඹ දෙසට ගමන් කර ඇති අතර, අද පස්වරු 5.30 වනවිට කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,150ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉදිරි පැය 6 තුළ එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ක්රමයෙන් පීඩන අවපාතයක් දක්වා දුර්වල…
ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ප්රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (24) අලුයම 2.30ට නිකුත් කර ඇති මෙම නිවේදන හෙට (25) අලුයම 2.30 දක්වා වූ කාලය සඳහා බලපැවැත්වේ. මේ වන විට ගිං ගඟ ද්රෝණියේ ධාරා ප්රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර සහ තවදුරටත් වර්ෂාපතනය ලැබෙමින් පවතී. එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් ගිං ගඟ ද්රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 24ක කාලය තුළ තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගිං ගඟ…
දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්රදේශය ආශ්රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව සඳහන්. බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම ඇතැම් ස්ථානවලට මි. මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු මැද පළාතේ සහ මන්නාරම දිස්ත්රික්කයේ වැසිවාර…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවත් එහි…
අද (19) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්රදේශවල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු අපේක්ෂා කරන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පලාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවය. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. ඌව පළාතේ සහ මුලතිව්, මඩකලපුව සහ අම්පාර දිස්ත්රික්කවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…
පාකිස්තාන රජය රාජ්ය වියදම් පාලනය කිරීම සහ ඉන්ධන සංරක්ෂණය සඳහා දැඩි ක්රියාමාර්ග මාලාවක් ක්රියාත්මක කිරීමට තීරණය කර ඇත. අද (17) නිකුත් කළ කැබිනට් අංශයේ නිවේදනයකට අනුව, රාජ්ය වාහන සඳහා වෙන්කරන ඉන්ධන ප්රමාණය 50%කින් අඩුකර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත්වල විටින් විට වැසි ඇති වේ. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. වයඹ පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.