Author: LFN
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ “හැකි ඉක්මනින්” පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකර ඇත. එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්කිරීම සඳහා සහාය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුම යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරේ වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියානු සහාය ලබන ව්‍යාපෘති පිළිබඳව ද…
අයහපත් කාලගුණය හේතුවෙන් නිවාඩු ලෙස ප්‍රකාශයට පත්කර තිබු හැටන් අධ්‍යාපන කලාපයේ සියළුම පාසල් හෙට (06) සිට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.
බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි. තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක්…
බොරලැස්ගමුව පොලිස් වසමේ වැව පාර ප්‍රදේශයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැක කෙරෙන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සහ තියුණු ආයුධ සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව ඊයේ (04) දහවල් සිදු කළ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 500ක්, කඩුවක් සහ කිණිස්සක් සොයාගෙන ඇති අතර, පසුව ඔහු බොරලැස්ගමුව පොලිස් ස්ථානය වෙත භාරදී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවීමේ නිරත අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි. තවද, මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කරමින් කඩුවක්…
සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ. එමෙන්ම දියේ ගිලී එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. මේ අතර ඊයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි. ඊයේ (03) දහවල් ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම නිවසට පස් කන්දක් කඩා වැටී ඇති අතර ඊට යටවූ නිවසේ සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. මේ අතර, නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67…
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ සහ උතුරු – මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. එමෙන්ම පස්වරු 2.00න් පසුව මුලතිව් දිස්ත්‍රික්කයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු – මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ…
මහර බන්ධනාගාරයේ ඊයේ (01) පස්වරුවේ හටගත් නොසන්සුන්තාව අද (02) උදෑසන 6.00 පමණ වනවිට සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ සාමාජිකයින්ට හැකියාව ලැබුණි. හටගත් නොසන්සුන්කාරී තත්ත්වයෙන් එක් රැඳවියෙක් මියගොස් තවත් රැඳවියන් හය දෙනෙකු තුවාල ලැබීය. නොසන්සුන්කාරී තත්ත්වයට හේතුව සොයා විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ රැඳවියන් එහි දේපොළ රැසක් විනාශ කර ඇති බවය. රැඳවියන්ගේ සුවදුක් විමසීමට ඔවුන්ගේ ඥාතීන් පැමිණෙන අවස්ථාවේදී තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පිටතට ගල්මුල් විසිකිරීමත් සමග මෙම නොසන්සුන්තාව හට ගැණුනි. මහර බන්ධනාගාරයේ ඉදිකෙරෙමින් පවතින තාවකාලික තාප්පයක් බිඳ රැඳවියන් පිරිසක් පලායාමට එහිදී උත්සාහ දැරූ බවටත් වාර්තා වේ. තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලකට ගිනිතබා තිබුණි.…
පේරු රාජ්‍යයේ සංචාරකයින් රැගත් කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 13 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. පේරු නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කළේ, සෙස්නා සී -208 යානයක් මෙලෙස අනතුරකට ලක්ව ඇති බවය. එම අවස්ථාවේදී එය නස්කා රේඛා පුරාවිද්‍යා භූමියට ඉහළින් පියාසර කරමින් සිට ඇති බව සඳහන්ය. යානය කඩා වැටෙනවිට මගීන් 11 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු එහි සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණවී නොමැති බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මහර බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක් හටගෙන ඇති බවට වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ මතුව ඇති තත්ත්වය සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවය.
කැලණි ගඟ ද්‍රෝණියේ ඉහල සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට මේ වන විට ලැබෙමින් පවතින තද වර්ෂාපතනය හේතුවෙන් ඉදිරි පැය 48 ඇතුළත ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් අද (01) පෙ.ව. 7.30 මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති අතර එය අනිද්දා (03) පෙ.ව. 7.00 දක්වා වලංගු වේ. ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන්. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ පවතින කාලගුණ පුරෝකථනයන්ට අනුව ඉදිරියේදී ද දැඩි…