Author: LFN
පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්රව්ය පාලන ඒකකයට ලද තොරතුරක් මත පුත්තලම, තිල්ලඩිය ප්රදේශයේදී ඊයේ (18) පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය. සැකකරු තිල්ලඩිය ප්රදේශයේ සිට පුත්තලම නගරයට කේරළ ගංජා ප්රවාහනය කරන බවට ලද තොරතුරක් අනුව යතුරුපැදිය නවතා පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කේරළ ගංජා තොගය සොයාගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්රීවරයෙකු වන නකුලේෂ්වරන් නමැති අයෙකු බවය. ඔහු ශ්රී ලංකා මුස්ලිම් පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් වේ. පොලිස් භාරයට ගත් කේරළ ගංජා තොගය සහ ජාවාරම…
බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාද යාත්රාව අද (15) කොළඹට පැමිණ තිබේ. ඒ අනුව පාගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන්කරමින් සිටී. ශ්රී දළදා මාලිගය පරිශ්රයේ පිහිටි වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්රතිමාව අබියසින් ඉකුත් 10වැනිදා ආරම්භකළ මෙම පාගමනේ 6වන දිනය අද වේ.
දිවයිනේ බොහෝ ප්රදේශවල ප. ව. 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව, මධ්යම සහ උතුරුමැද පළාත්වල සහ ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය. චාවකච්චේරිය මාර්ගයේ කයිතඩි ප්රදේශයේදී යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව විරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා චාවකච්චේරිය රෝහලට ඇතුළත් කරන විටත් දෙදෙනාම මියගොස් සිට ඇත. ඇ එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20ක් හා 23ක් වූ චුන්නාකම් ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර චාවකච්චේරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. මේ අතර, කොලොන්න, සූරියකන්ද – ඇඹිලිපිටිය මාර්ගයේ කැකුණදොල ප්රදේශයේදී ඇඹිලිපිටිය දෙසට ධාවනය…
බන්ධනාගාර ගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ. සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්රාව මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාව අභියසින් පෙරේදා (10) දිනයේ ආරම්භ වූ අතර පාගමන කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව, කඩවත නගර පසු කරමින් ලබන 15 වනදා වන විට කොළඹට ළගා වීමට නියමිත බව සදහන්. ඒ අනුව අද දිනයේ කෑගල්ල නගරයෙන් ආරම්භ වී වරකපොල නගරය වෙත පා ගමන ලඟා වීමට නියමිතය.
දිවයිනේ ප්රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම, හික්කඩුව, හොරණ සහ ඇඹිලිපිටිය යන ප්රදේශවල මෙම අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාසය සඳහන් කරයි. බණ්ඩාරගම, ගල්තුඩේ ප්රදේශයේදී බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ බස් රථය බණ්ඩාරගම – කළුතර මාර්ගයේ බස් නැවතුමකින් මගීන් නංවාගෙන ඉදිරියට ධාවනය කිරීමේදී මාර්ගය හරහා ගමන් කළ කාන්තාවගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ කාන්තාව පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලිසිය පැවසීය. මියගිය කාන්තාව බණ්ඩාරගම ප්රදේශයේ පදිංචි තැනැත්තියක් වන අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ…
දිවයිනේ බොහෝ ප්රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්රික්කවලට ඇතැම් ස්ථානවලදී මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය. එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
කථානායක ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. කථානායකවරයාට එරෙහි චෝදනා 49ක් මුල් කරගනිමින් මෙම විශ්වාසභංග යෝජනාව කෙටුම්පත් කර ඇති බව සඳහන්ය. පාර්ලිමේන්තු ක්රියාපටිපාටි හැසිරවීමේදී කථානායකවරයා අනුගමනය කළ පක්ෂපාතී සහ ප්රජාතන්ත්රවාදී නොවන ක්රියාකලාපයන් හේතුවෙන් ඔහු එම ධුරයට නුසුදුසු බවට චෝදනා එල්ලකරමින් විපක්ෂය විසින් මෙම විශ්වාසභංගය ගෙනඑනු ලැබේ. තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කරන ලද වරප්රසාද ප්රශ්න සහ යෝජනා කිසිදු සාධාරණ හේතුවක් නොදක්වා කථානායකවරයා ප්රතික්ෂේප කළ බවද සමගි ජන බලවේගය චෝදනා කර සිටී. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (8) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කළ අතර,…
භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර කළ තවත් සැකකරුවෙකු මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැල්ලම්පිටියේදී පදිංචිකරුවෙකු වන 25 හැවිරිදි සැකකරු වාණිජ බැංකු හරහා ‘TT’ (Telegraphic Transfers) ක්රමවේදය ඔස්සේ මෙම මුදල් රටින් බැහැරකර ඇති බවට චෝදනා එල්ල වී ඇත. සැකකරු මෙරට තුළ සමාගම් 6ක් නමින් විදේශීය සමාගම් වෙතින් භාණ්ඩ ඇණවුම් කරන බව පෙන්වමින් මෙම මූල්ය වංචාව සිදුකර ඇත. 2024 ජනවාරි මාසයේ සිට 2025 ජූලි මාසය දක්වා වූ කාලය තුළ මෙම මුදල් විදේශගත කර ඇති අතර, එම ගනුදෙනුවලට අදාළව කිසිදු භාණ්ඩයක් ආනයනය කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ව්යාජ ලේඛන සකස්කර වෛද්යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්යම දූෂණ මර්ධන ප්රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (06) මීගලෑව පොලිස් වසමේදී වලාන මධ්යම දූෂණ මර්ධන ප්රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්රාදේශීය සෞඛ්ය අධ්යක්ෂවරයාගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇත. එහිදී මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන මීගලෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 හා 62 වයස්වල පසුවන මීගලෑව ප්රදේශයේ පදිංචිකරුවන්ය. කුරුණෑගල දිස්ත්රික් ඖෂධ පරීක්ෂක නිලධාරීන්, සෞඛ්ය වෛද්ය නිලධාරීන් සහ මීගලෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.