ව්‍යාජ ලේඛන සකස්කර වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඖෂධ තොගයක් සමඟ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (06) මීගලෑව පොලිස් වසමේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ සහාය ඇතිව මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී මෙම සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 15ක පමණ වටිනාකමින් යුත් ඖෂධ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන මීගලෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33 හා 62 වයස්වල පසුවන මීගලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
කුරුණෑගල දිස්ත්‍රික් ඖෂධ පරීක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මීගලෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
