Author: LFN
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-45ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද (06)…
සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනටමත් යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. මේ ගැටළුව සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතු සියල්ල කර ඇතැයි සරසවි ආචාර්යවරුන්ගේ සංගමය හොඳාකාරවම දන්නා බවද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය. අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා සියල්ල එකතු වුණාම වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ සියයට 36 කොටසට ඇතුළු වුණා. මේ බදු…
මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී රෝගීවීමෙන් පසු 1919 හදිසි ගිලන් රථයකින් මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. අද (05) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ බව දැනුම් දුනි. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාගය අගෝස්තු 28 වනදා අවසන් කළේය. ඒ අනුව, එම තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය. ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිකයෙක් වන චතුරංග අබේසිංහ ඇතුළු දෙදෙනෙකු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත්තේ, දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන ප්‍රමාද කිරීම…
චැනල් 4 නාලිකාව තුලින් ව්‍යාජ වීඩියෝ පට නිර්මාණය කර ශ්‍රීලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකිර්තියට පත් කිරීම සම්බන්ධයෙන් රටට හිතැති ජනතා සංවිධාය විසින් මේසේ නිවේදනයක් නිකුත් කර ඇත. චැනල් 4 යනු ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ අවසාන සටනේ දී යුද අපරාධ සිදු වූ බවට කොටි ඩයස්පෝරාවේ මුදලට බොරු වාර්තා චිත්‍රපට සමාජ ගත කරන මාධ්‍ය අභිසාරිකාවකි. නැවත ජිනීවා මානව හිමිකම් සමුළුව ළං වෙන නිසා දෝ චැනල් 4 බොරු බේගල් නාළිකාව යළිත් පාස්කු ප්‍රහාරය ගැන අද වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා මෙවර යොදා ගෙන ඇත්තේ ජීවිතාරක්ෂාව පතා ස්විට්සර්ලන්තයට පළා ගියා පිල්ලෙයාන් කල්ලියේ මුදල් කළමණාකරුය. ඔහු පිල්ලෙයාන්ගේ විශාල මුදලක් වංචා කොට ස්විට්සර්ලන්තයට පළා…
වියළි කාලගුණ තත්ත්වයක් තුළ වාරි පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක වී වැව් අමුනු, ඇල වේලි ප්‍රතිසංස්කරණය කළ යුතු වුවත් පසුගිය දිනවල එවැනි වාරි පුනරුත්ථාපනයක් රට තුළ දක්නට නොලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව කළ යුතු දේ විපක්ෂයට කිරීමට සිදුව ඇති බවත් ප්‍රායෝගික ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුවත් වසර 40කට පසු කිරිඳිඔය ව්‍යාපාරයේ දකුණු ඇළ පිළිසකර කරමින් මෙරට කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරිමට අදාල දායකත්වය ලබා දීම සිදු කළ බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය. කිරිදිඔය ව්‍යාපාරය මෙන්ම රටේ කෘෂිකර්මාන්තය නවීකරණයට ලක් කර නූතන ක්‍රමවේදය හා නවීන තාක්ෂණය තුලින් කෘෂිකර්මාන්තය දියුණු කරන බවත් වී සඳහා ස්ථාවර මිල සූත්‍රයක ඇති කර…
ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (4) පැවසීය. ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් කළ නොහැකි බව ද සඳහන් කළේය. මහාචාර්ය ජී. එල්. පීරිස් නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කිරීමෙන් තමාගේ බලාපොරොත්තු සුන් වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. කෙසේ නමුත් චීන ජනාධිපතිවරයා හමුවීමට මඟක් සොයාගන්න බව ඩෙලවෙයාහිදී වාර්තාකරුවන් අමතමින් ඔහු කියා සිටියේය. “I AM A DISSAPOINTED… BUT I AM GOING TO GET TO SEE HIM” අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුව සඳහා සහභාගිවන අතර ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතය. චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට පැමිණියහොත් චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කළේය.…
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නේපාලය අතර පැවැති තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව කඩුලු 10කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය ඉන්දීය නායකයා දිනා ගත් අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නේපාල කණ්ඩායමට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසි නේපාල ආරම්භක පිතිකරුවන් යුගළ මුල් පන්දුවාර 5දී ලබාදුන් උඩ පන්දු 3ක් ඉන්දීය ක්‍රීඩකයින් අතින් ගිලිහී ගියේය. ඒ අවසරයෙන් ඵල නෙලා ගත් නේපාල අරම්භක පිතිකරුවන් යුගළ පළමු කඩුල්ලට ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගුවේය. අසීෆ් ෂෙයික් ලකුණු 58ක් රැස් කළ අතර සොම්පල් කමි ලකුණු 48ක් රැස් කළේය. ඒ අනුව, නේපාල කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 230ක්…
වෛද්‍යවරුන් 5,000ක් පමණ මේ වනවිට විදෙස්ගත වීම සඳහා සුදුසුකම් සපුරා ඒ සඳහා සූදානමින් පසුවෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පවසන්නේ මේ වනවිට වෛද්‍යවරුන් 1,500ක් පමණ විදෙස්ගත වී ඇති බවයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ඔවුන් අද සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන්ව සහ ජනතාව දැනුවත් කිරීමේ සතියක් අරඹන බවයි. වෛද්‍යවරුන් දිගින් දිගටම විදෙස්ගත වුවහොත් මෙරට ප්‍රධාන රෝහල්වල පවා ගැටලු මතුවිය හැකි බව වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.