Author: LFN

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා අතර හමුවක් සිදුව තිබේ. පසුගිය 01 වනදා පාර්ලිමේන්තුවේ දී එම හමුව සිදුව ඇත. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය. ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුබපැතුම් පිරිනැමුවේය. එසේම, මෙම කටයුතු ඉදිරියට සිදු කිරීම සඳහා ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස…

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට තර්ජනය කරමින් ෆේස්බුක් හි සටහනක් තැබූ තරුණයා ව එළඹෙන 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ඔහුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. ඔහු එප්පාවල මැඩියාව ප්‍රෙද්ශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි. එම තරුණයා චූන් පාන් වෙළෙඳාමේ නිරතව සිටින අයෙකු බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

2022 (2023) උසස්පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය සමුදිත නයනප්‍රිය විසින් හිමිකරගෙන ඇත. එම සිසුවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ සිසුවෙකි. මේ අතර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ සිසුවියක් සමත්වී තිබේ. ඒ අනුව එම විද්‍යාලයේ දිල්සරණි තරුෂිකා මෙවර වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. මෙවර 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ මාතර සුජාතා විද්‍යාලයේ සිසුවියකි. ප්‍රමුදි භාෂණී මුණසිංහ නමැති ශිෂ්‍යාව මෙලෙස ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත. 2022 (2023) උසස්පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ…

Read More

වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේදී පසුගිය 28 වනදා මොහොමඩ් සාජහන් නැමැති පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන්ට ගිනි අවිය සහ යතුරු පැදිය ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරින් ඊයේ (04) සමත් වුණි. වෙඩිතැබීම සඳහා යොදාගත් මෙරට නිෂ්පාදිත තුනයි දශම අට උණ්ඩ යෙදිය හැකි රිවොල්වර් වර්ගයේ ගිනි අවියක් සහ අපරාධය සිදුකිරීමට යොදාගත් යතුරු පැදිය ද ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ගෙන ඇත. තමන් “බ්ලූමැන්ඩල් රවී” නමැති සංවිධානාත්මක අපරාධකරුගේ උපදෙස් මත, ඝාතනය සිදුකිරීම සඳහා යතුරුපැදිය සහ රිවෝල්වරය ලබා දුන් බවත්, වෙඩිතැබීමෙන් අනතුරුව ඒවා නැවත රැගෙන ගිය බවත් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු පවසා තිබේ. මේ අතර, ඝාතකයන් වැල්ලම්පිටිය, කිත්තන්පහුව,…

Read More

රෝගී තත්ත්වයක් මත යාපනය මහ රෝහලට ඇතුළත් කෙරුණු දැරියකට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදුන් පසු ඇයගේ දකුණු අත ඉවත් කිරීමට සිදුව ඇති පුවතක් ඊයේ (04) වාර්තාවුණි. යාපනය මල්ලාගම් හි අවුරුදු 8ක් වයසැති දැරියක් උණ තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන්නේ ඉකුත් 22 වනදාය. ඉන් දින කිහිපයකට පසු රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමග දැරිය පසුගිය 25 වනදා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබුණි. දැරියට ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලා හරහා ප්‍රතිජීවක ඖෂධ ලබා දී ඇති බව වාර්තා වෙයි. එහිදී ඇති වූ සංකූලතාවක් හේතුවෙන් දැරියගේ දකුණු අත අක්‍රීය වී ඇති බවත් දැරියගේ අතෙහි මැණික් කටුවෙන් පහළ කොටස ඉවත් කළ බවත් ඇයගේ පවුලේ ඥාතීන් පවසයි.…

Read More

ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, “දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින්…

Read More

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. යාපනය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07…

Read More

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරහේන්පිට සිට නාවල දෙසට ඇති දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් හේතුවෙන් තාවකාලිකයව වසාදමන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම මාර්ගය සැප්තැම්බර් මස 09 වනදා පෙරවරු 8.00 සිට පස්වරු 2.00 කාලයට තුළ අර්ධ වශයෙන් වසා දමන අතර එදින පස්වරු 8.00 සිට 10 වනදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් වසා තැබෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම මාර්ගය වසා දැමෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read More

ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කර ඇත්තේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව පැවසෙන හමුවක් පිළිබඳ සඳහන් කරමින් මෙම වැඩසටහන සකසා ඇති බවයි. බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟය. යුද්ධය නිමාකළ පසුව ඔවුන් නිර්මාණය කළ ”ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්” නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය. එහෙත් දිගින් දිගටම…

Read More

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇත. එහි නව මිල වන්නේ රුපියල් 3,127කි. මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 58 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,256කි. කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 26කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 587කි.

Read More