Author: LFN

ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවුසුවේ අධ්‍යාපන අමාත්‍යාශයේ නිල නාමය, නතතුර හා අමාත්‍යාංශ ලිපි ශිර්ෂ ව්‍යාජ ලෙස යොදා ව්‍යාජ ලේඛන සකස් කර මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර වංචාවක් සිදුකර ඇති බවය. අධ්‍යාපන අමාත්‍යාශයේ අතිරේක ලේකම්වරයා සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ විර්ශනයකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 45 හැවිරිදි මහනුවර ධර්මාශෝක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිදුකළ විමර්ශනවලදී ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ග්‍රාම සේවක සහතික නිකුත් කරමින් ඊට ආධාර අනුබල දුන් දෙයියන්දර ග්‍රාම නිලධාරිවරයාද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී දැවැන්ත විරෝධතා පැවැත්වීමට පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, සැප්තැම්බර් 14 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙන විට විරෝධතා තීව්‍ර කරන බවය. “අපේ තියෙන වෘත්තීය සමිති ගණනාවක නායකත්ව මට්ටමේ ඉන්න සමාජිකයින් ගණනාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහින් සාකච්ඡාවකට අවස්ථාව ඉල්ලුවා නමුත් අපි තේරුම් ගන්න ඕනේ පණිවුඩය තමා තාමත් රජය විශ්වාස කරනවා නම් වෘත්තීකයින් විදියට මේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරලා අපේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව‍ කාපට් අස්සට දාලා මේ ප්‍රශ්නය වහලා දාන්න ඒකට මේ රටේ වෘත්තීයවේදීන් ඉඩදෙන්නේ නෑ. ඒ අපේ ඉවසීම වැරදි විදියට පාවිච්චි කරන්න පාලකයින් උත්සාහ කළොත්…

Read More

මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. නුවර වැව රවුමේ පෙරහර නරඹමින් සිටි පිරිසක් එම අවස්ථාවේදී වැවට පැනීම නිසා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුහු බේරාගනු ලැබූහ. කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතකු රැජින හෝටලයේ කොරිඩෝව මතට කඩාවැදී කලබල කිරීමත් සමග ඇත්ගෝව්වෝ පිරිසක් මහත් වෙසෙක් දරා එම ඇතා බැඳදැමීමට කටයුතු කළහ. කලබල වූ ඇතුන් දෙදෙනා ඉවත් කිරීමෙන් පසු පෙරහර අඛණ්ඩව වීදි සංචාරය කරවීමට සංවිධායක මණ්ඩලය කටයුතු කළේය. මෙහිදී කිසිවකුටත් තුවාල සිදුවී නොමැති බව ආරක්ෂක…

Read More

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණ තිබේ. ජනාධිපතිවරයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් දුතපිරිස ඊයේ (22) රාත්‍රී සිය සංචාරය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඇති බවට . සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණ තිබුණි. සිංගප්පූරු සංචාරය අතුරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු ජනාධිපතිනිය, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසූවේය. එමෙන්ම පැරිස් සම්මුතියේ 6 වන වගන්තියට අනුව කාබන් හර කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරු රජය අතර සහයෝගීතාව සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ…

Read More

කාන්තා මීටර 100 ඉසව්වේ ලෝක ශූරිය බවට පත්වීමට අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් පසුගිය (21) සමත්වුණි. ඒ අනුව මේ වසරේ ලොව වේගවත්ම කාන්තාව බවට පත්වූයේ ඇයයි. හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා උළලේ කාන්තා මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගය සඳහ ජැමෙයිකාවේ ෂෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස්, ෂෙරීකා ජැක්සන්, බ්‍රිතාන්‍යයේ ඩීනා ඈෂර් ස්මිත් සහ අමෙරිකාවේ ෂකාරි රිචඩ්සන් ඇතුළු සුපිරි ක්‍රීඩිකාවන් 08 දෙනෙක් සුදුසුකම් ලබා සිටියාය. අතිශය තියුණු තරගයකින් පසු අමෙරිකාවේ ෂකාරී රිචඩ්සන් කාන්තා මීටර 100 ඉසව්වේ රන් පදක්කම හිමිකරගත්තේ නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමිනි. ඇය එම ඉසව්ව නිම කිරීමට ගත කළ කාලය තත්පර 10යි දශම 6 යි 5කි. රිදී පදක්කම තත්පර 10යි දශම 7යි…

Read More

පසුගිය ජුනි මාසය අවසානයේ ගොඩනැගුනු අසම්පූර්ණ කැරැල්ලෙන් පසු ප්‍රථම වරට රුසියානු වැග්නර් සන්නද්ධ කුළී බළකායේ නායක යෙව්ගෙනි ප්‍රිගෝසින් වීඩියෝ ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබේ. වැග්නර් බළකායට අයත් ටෙලිග්‍රෑම් නාළිකා ඔස්සේ සංසරණය වූ එම වීඩියෝ පටය බොහෝදුරට අප්‍රිකාවේ රූගත කර ඇති බව විශ්වාස කෙරෙයි. ඒ අනුව වැග්නර් බළකායේ නායකයා දැන් අප්‍රිකාවේ සිටින බවට ඉඟිකෙරෙන බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය. අප්‍රිකාවේ ගැටුම් පවතින රාජ්‍යයන්හි වැග්නර් බළකායේ ක්‍රියාකාරකම් මීට පෙර වාර්තා වී තිබූ අතර, ඔවුන් දැන් සිදුකරන මෙහෙයුම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත. නව වීඩියෝ පටයේ ප්‍රිගෝසින් කාන්තාර ප්‍රදේශයක කැමෆ්ලාජ් නැත්නම් කැලෑ ඇඳුමකින් සැරසී රයිෆලයක් අතැතිව සිටි අතර ඔහු අසල තවත් සන්නද්ධ…

Read More

පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්ත්වයක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව හදිසි ක්‍රියාකාරී කමිටුවක් හරහා එකාබද්ධ කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ජලසම්පාදන, වාරිමාර්ග, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ එකාබද්ධව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. ඉහත අමාත්‍යංශ තුනේ ලේකම්වරුන්ගෙන් එම කමිටුව සමන්විත වන අතර අදාළ සියලු ආයතනද ඊට සම්බන්ධ කරගැනීමට නියමිතය.

Read More

සුවසැරිය ගිලන් රථයේ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්වය. බේරුවල පොලීසිය සඳහන් කළේ, නොසැලකිලිමත් භාවය සම්බන්ධයෙන් ගිලන් රථයේ රාජකාරී කළ අයට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බවය. ධීවර කටයුතු සඳහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධීවරයෙකු ඉකුත් 20 වනදා පස්වරුවේ මුහුදේ දී රෝගීවී තිබුණි. ඒ බව දැනුම්දීමෙන් පසු 1990 සුවසැරිය ගිලන් රථයක් කඩිනමින් චීන වරාය වෙත ළඟාවී ඇත. අසනීපවී සිටි ධීවරයා රැගත් යාත්‍රාව නවත්වන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් නතරකර තිබී ඇති බැවින් අදාළ යාත්‍රාව ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ගතවී තිබුණි.…

Read More

ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබේ. ඒ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවෙනි. ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්ය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු සහ විමර්ශන නිලධාරියෙකු අදාළ කමිටුවට පත් කළ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සඳහන් ය. ඊට හේතුවී ඇත්තේ…

Read More

ත්‍රිකුණාමලය නාවුක හමුදා කඳවුරේ ජැටියක් කඩාවැටී පාසල් සිසුවෙක් ඇතුළු වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. තවත් 15කට ආසන්න පිරිසක් කඳවුර තුළදී අවශ්‍ය ප්‍රතිකාර සිදුකරන බවට වාර්තා වූ බවය. මෙලෙස තුවාල ලබා ඇත්තේ කඳවුර නැරඹීම සඳහා ගොස් තිබූ ගල්ගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් සහ ඔවුන් කැටුව ගිය වැඩිහිටියන්ය.

Read More