Author: LFN
මාලිගාවත්ත, සෙවණ මාවත ප්‍රදේශයේ දී ඊයේ (01) දවහල් වෙඩි තැබීමක් සිදුව තිබිණි. ඊයේ විවෘත කරන ලද යතුරුපැදි සේවා ස්ථානයකට රතු පැහැති යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි. එම සේවා ස්ථානයේ හිමිකරු වන මාලිගාවත්තේ ප්‍රදීප් නැමැත්තා ප්‍රහාරයෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ඔහු පංචිකාවත්තේ නෙවිල් නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බව ද පොලිසිය සඳහන් කරයි. ඔහුට මෙම යතුරුපැදි සේවා ස්ථානය විවෘත නොකරන ලෙසට විවිධ පාර්ශ්වවලින් තර්ජන එල්ල වී තිබූ බව ද වාර්තා වී තිබේ. කෙසෙල්වත්තේ දිනුකගේ පර්ශ්වය මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි සැක කරන බව පොලීසිය වැඩිදුරටත් වාර්තා කරයි.…
ඇල්පිටිය ප්‍රදේශයේ නිවසක තිබූ ළිඳකට වැටී කුඩා දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ වයස අවරුදු 09ක පිරිමි දරුවෙකි. පොලීසිය පවසන්නේ වෙනත් ප්‍රදේශයක සිට මියගොස් ඇති එම දරුවා සහ එම පවුල අදාළ නිවසේ කුලී පදනම මත අද පදිංචියට පැමිණ ඇති බවය. නිවසේ සිටි වැඩිහිටියන් ගෙදර වැඩකටයුතු කරමින් සිටි අතරවාරයේ මෙම දරුවා එම නිවස පිහිටි ඉඩමේ තිබූ කුඩා ළිඳට වැටී ඇති බවට පොලීසිය සැකපළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.
හෙට මෙරටට පැමිණීමට නියමිත සිටි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං සිය සංචාරය කල්දමා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි. ඔහු පැමිණෙන දිනය පසුව දැනුම්දෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් සිය නිවේදනයෙන් පවසයි.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Delhi’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (01) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි. දිගින් මීටර් එකසිය හැට තුනයි දශම දෙකක් (163.2) හා නැව් මුළුව හාරසිය පනහක (450) ගෙන් සමත්විත වන නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් අභිෂේක් කුමාර් (Captain Abhishek Kumar) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර, නිල හමුවක් අද උදෑසන බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරිණි. එමෙන්ම, ‘INS Delhi’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුල එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු…
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල අද (02) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ද ඇති විය හැකි බව සඳහන් වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…
(02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව බස් ගාස්තුව සියයට 4.01කින් ඉහළ දමනු ඇති. ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසන්නේ අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බවය. එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බවය.
කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 01 දින විරෝධතාවයක් සිදුකර ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසින් “ප්‍රදේශයේ ආරක්‍ෂාවට හා මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් තරුණ පරම්පරාවේ අනාගතයට බලපෑම් එල්ල වන බවට පවසමින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින්” විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹු වන ආකාරයේ පුවරු ප්‍රදර්ශණය කරමින් නිහඩ විරෝධතාවක් සිදු කර ඇත. තවද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාව මගින් මේ වන විට සිදු කර ඇති සේවය හා කඳවුරු ඉවත් කිරීමෙන් ජන ජීවිතයට සිදු වන බලපෑම පෙන්වා දෙමින් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබේ. ඒ, කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා ය. කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට ප්‍රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මාධ්‍යට. ආණ්ඩුව මාසයෙන් මාසයට පෙට්‍රල් මිල සංශෝධනය කරන ආකාරයට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කළ නොහැකි බව කී ධර්මසේකර මහතා ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩු කීපයකින් ඉල්ලා සිටිය ද එය නොකළ බව ද සඳහන් කළේය. වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා මුණගැසී මීට දින කීපයකට පෙර ද ත්‍රීරෝද රථ නියාමනයට කටයුතු කරන ලෙස…