Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්
    Local News

    කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ අධ්‍යාපන ආයතනයක් මඟින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.760,000 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලක් මත එම ආයතනය වටලා ඇත.

    කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම හා විදේශ රැකියා සඳහා බඳවාගැනීම යන චෝදනා 2 යටතේ අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක් හා විදේශ රැකියා ලබාදීමට අදාළ වන ලේඛන රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් කාන්තාවට හා ඇයගේ ඥාති සහෝදරයා හට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කර, විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

    වලංගු රැකියා ඇණවුමක් ලබාගැනීමෙන් තොරව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අඹුසැමි යුවළට පැමිණිලි 2ට අදාළව එක් පැමිණිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 7 බැගින් වූ ශරීර ඇප 2ක් බැගින් හා රුපියල් 10,000.00 බැගින් මුදල් ඇප නියම කර ඇත.

    වැඩිදුර නඩු විභාගය 2023 නොවැම්බර් මස 17 දින යළි කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.