Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්
    Local News

    කුරුණෑගල තවත් මහා පරිමාණ විදෙස් රැකියා ජාවාරමක්

    By LFNSeptember 6, 2023No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් හා තවත් පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ අධ්‍යාපන ආයතනයක් මඟින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.760,000 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් කළ පැමිණිල්ලක් මත එම ආයතනය වටලා ඇත.

    කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම හා විදේශ රැකියා සඳහා බඳවාගැනීම යන චෝදනා 2 යටතේ අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු එහිදී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක් හා විදේශ රැකියා ලබාදීමට අදාළ වන ලේඛන රැසක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් කාන්තාවට හා ඇයගේ ඥාති සහෝදරයා හට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කර, විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

    වලංගු රැකියා ඇණවුමක් ලබාගැනීමෙන් තොරව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අඹුසැමි යුවළට පැමිණිලි 2ට අදාළව එක් පැමිණිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 7 බැගින් වූ ශරීර ඇප 2ක් බැගින් හා රුපියල් 10,000.00 බැගින් මුදල් ඇප නියම කර ඇත.

    වැඩිදුර නඩු විභාගය 2023 නොවැම්බර් මස 17 දින යළි කැඳවීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.