Author: LFN
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ජුලි මාසයේදී එය සියයට 6.3ක් ලෙසට වාර්තා වූ බවය. එසේම අගෝස්තු මාසයේදී ආහාර උද්ධමනය සියයට -4.8ක් දක්වා පහළගොස් ඇති අතර එය ජුලි මාසයේදී වාර්තා වුයේ සියයට -1.4ක් ලෙසටය.
අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ. එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇත. ගලෙන්බිඳුණුවැව ඉලුක්වැව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනමක් වස පානය කිරීමෙන් අපවත් වී සිටියදී අද උදෑසන හමුවූ බව පොලීසිය පැවසීය. එමෙන්ම අනෙක් සිරුර හමුවී ඇත්තේ කොකාවැව ප්‍රදේශයේ වගා ලිඳක තිබියදීය. පොලීසිය සිදුකළ විමර්ශන අනුව ගලෙන්බිඳුණුවැව නගරයට ආසන්න කුඹුරු ඉඩමක මියගොස් සිටියදී හමුවූ පුද්ගලයා හුරුළුනිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත. මෙම පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අවුරුදු 09ක් වයසැති දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරු වන අතර පොලීසිය…
බත්තරමුල්ල, දකුණු තලංගම, කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පළා ගිය සැකකරැවෙකු නැවත මෙරටට ගෙන්වාගෙන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන් තොටුපොළේ දී අද (31) දින සැකකරු අත්අඩංගුවට ගත් බව අතුරැගිරිය පොලීසිය පවසයි. ඉකුත් 25 වන දින තංගල්ල, කොරාව ප්‍රදේශයේ දී පොලී මුදල් ලබා දෙන්නකු බව පැවසෙන පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තිබිණි. ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජේ.පී.එස් ජයමහ මහතාට තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව, ගුවන් යානය පිටව යන අවස්ථාවේ දී සැකකරුට එරෙහිව විදෙස්…
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගතකර තිබේ. වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමඟ පොලිස් රාජකාරියට බාධාකළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) අලුයම් කාලයේ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබුණි. එම අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 430 ක් සහ විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු විසින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පිහියකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස් නිලධාරින්ව බදුල්ල මහරෝහල වෙත මාරුකර යැවුණි. අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ගොටුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුව ඊයේ (30) දින බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන් ඵලක් නොවන බවය. නිශ්චිත කාල සීමාවක් තුළ රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් ටිරාන් අලස් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සඳහන් කළේය. “රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අදාල රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් බවත් ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙක් බවත් දැනගන්නට තිබේ. එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති බවත් එම රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30 ක් පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ දුන් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව කී ජනාධිපතිවරයා තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවද කීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමිනි. තිරසර සංවර්ධන සභාව විසින් මෙය සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකාව තවදුරටත් අන් රටවලට බරක් නොවිය යුතු අතර කලාපයේ සෙසු රටවල් සිදු කළ අන්දමින් පවතින සම්පත් භාවිතා කරමින් රටක් ලෙස තනිව නැඟී…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි. අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා ආහාර පිළිබද අධිකාරිය වන එෆ්.ඩී.ඒ ආයතනයේ අභාෂය ගනිමින් ඉදිරියේදී ඖෂධ ගෙන්වීම හා නියාමනය කිරීමේදී එම ආයතනයේ උපදෙස් ගන්නා බවය. ඉදිරියේදී තත්වයෙන් බාල ඖෂධ නිෂ්පාදනය අවම කරගැනීම සදහා මෙම දැනුම ඖෂධවේදීන් භාවිතා කරනු ඇතැයි සභාපතිවරයා කීය.
ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් එම ත්‍රි රෝද රථ හඳුනා ගෙන පරීක්ෂා කිරීමේදී එම ත්‍රිෙරා්ද රථයේ සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පලා ගොස් ඇති අතර එහි සිටි සැකකරුගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 500 ක් සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි. පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න මහතා සමඟ තවත් එක් නිලධාරියෙකු ද මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රෙද්ශයට මෙම වැටලීමට ගොස් ඇති අතර එහිදි අදාළ ත්‍රිෙරා්ද රථය හඳුනා ගෙන එය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි සැකකරු පොලිස්…