Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චැනල් ෆෝ අලුත්ම සූදානම
    Featured

    චැනල් ෆෝ අලුත්ම සූදානම

    By LFNSeptember 4, 2023No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව පිළිබඳ මතභේදාත්මක වීඩියෝපටයක් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව හෙට දිනයේ විකාශය කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි.

    බ්‍රිතාන්‍යයේ ‘ද ටයිම්ස්’ පුවත්පත සඳහන් කර ඇත්තේ මෙරට රාජ්‍ය බුද්ධි සේවාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර 2018 වසරේ පැවති බව පැවසෙන හමුවක් පිළිබඳ සඳහන් කරමින් මෙම වැඩසටහන සකසා ඇති බවයි.

    බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව මෙරට තුළ ප්‍රසිද්ධියට පත්වූයේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බව හැඟවෙන මතභේදාත්මක වීඩියෝ පට කිහිපයක් විකාශය කිරීමත් සමඟය.

    යුද්ධය නිමාකළ පසුව ඔවුන් නිර්මාණය කළ ”ශ්‍රී ලංකාස් කිලින් ෆීල්ඩ්ස්” නම් මතභේදකාරී වීඩියෝපටයේ ඇතුළත් කරුණු එවක රජය විසින් අවස්ථා ගණනාවකදී නිල වශයෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

    එහෙත් දිගින් දිගටම “චැනල් ෆෝ” නාළිකාව, ශ්‍රී ලංකාවෙන් පළාගොස් විදෙස් රටවල දේශපාලන රැකවරණ පතන පුද්ගලයන් උපුටා දක්වමින් එවැනි චෝදනා රැගත් වීඩියෝ පට විකාශය කළේය.

    යළිත් වරක් බ්‍රිතාන්‍යයේ “චැනල් ෆෝ” නාළිකාව කරළියට පිවිසනේනේ හෙට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් මතභේදකාරී වීඩියෝපටයක් විකාශය කරන බව නිවේදනය කිරීමත් සමඟ ය.

    සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කලක් කටයුතු කළ, මේ වන විට දිවයිනෙන් පළාගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය පතන පුද්ගලයෙක් අදාළ තොරතුරු ලබා දුන් බව එහි සඳහන් ය.

    එම හමුව සංවිධානය කළ බව සඳහන් කරන එම පුද්ගලයා අදාල හමුවේදී ප්‍රකාශ කර ඇත්තේ බලමාරුවකට සුදුසු පරිදි රටතුළ අස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.