Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක්
    Featured

    ලංගම සහ දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක්

    By LFNSeptember 5, 2023No Comments2 Mins Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමේ කටයුතු කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඊයේ පැවති රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජයට අයත් මගී ප්‍රවාහන සේවාවන් පාඩු ලැබීමට අධික වියදම් හා සේවකයින් සිදුකරන විවිධ වංචා දූෂණ හේතුවී ඇති බවය.

    ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,

    “දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින් පිටත්වන බස්වලින් හොර ටිකට්. රියදුරු හා කොන්දොස්තරවරු 2ක් රිමාන්ඩ්. දැන් කියනවා සභාපති මාරු කරන්නලු. මම ඉන්නකන් සභාපති මාරු කරන්න දෙන්නේ නැහැ. මම මේක හදනවා. පුද්ගලික බස් හිමියෝ බදු ගෙවලා ලාභත් ලබනවා. ලංගම එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ. වංචා දූෂණ නැති කරන්න ඩිජිටල්කරණය කරන්න ඕන දුම්රිය හා බස් ප්‍රවේශපත්‍ර අලෙවිය කාඩ්පත් ක්‍රමය හරහා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගේනවා”

    ප්‍රශ්නය – දුම්රිය සේවක හිඟයක් ගැන නිතර නිතර කතා වුණා විශේෂයෙන්ම දුම්රිය රියදුරන්ගේ විශ්‍රාම යෑම සම්බන්ධයෙන් ?

    “පහළ සේවකයින්ට වසර 5කින් ඊළඟ තලයට යන්න දෙනවානම් රියදුරු හිඟයක් නැතිවෙනවා දුම්රිය සංස්ථාවක් කරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. තවදුරටත් අධ්‍යනය කරන්න කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව එනකන් බලන් ඉන්නවා. ඇයි නාවේ – කිමද නාවේ?. මගේ හිතේ ආශාව තිබුණාට වෙනස් කරන්න බැහැ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.