Author: LFN
අන් අයට බරක් නොවී ශ්‍රී ලංකාවට තනිව දියුණුවිය හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, “මම හිතන්නේ ශ්‍රී ලංකාවේ අපි තවදුරටත් අනුන්ගෙන් උදව් ඉල්ලන්න හිතන්න එපා. බොහෝ රටවල් කර ඇති පරිදි අපි එය තනිවම කරමු.”
කතරගම වෙඩිතැබීමක් වාර්තා වී තිබේ. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව එලෙස පැමිණ තිබූ බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියෙකුත් සැකකරුවන් අතර සිටින බව වාර්තා වෙයි. පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ පුද්ගලයින් පැනගොස් දිවි බේරාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ රෝහලක කළ සැත්කමක් අතරතුරදී ලොව පළමුවරට මිනිසෙකුගේ මොළය තුළ තිබී සජීවී පණුවෙකු හමුවී තිබුණි. මෙම සැත්කම සිදුකර ඇත්තේ එරට සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකි. ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් වාර්තා වන මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ 64 හැවිරිදි කාන්තාවකි. ඇයගේ පූර්ව මස්තිෂ්කයේ හානිවූ පටක අතර තිබී මෙම රතු පැහැති පරපෝෂිතයා සොයාගෙන ඇත්තේ කැන්බරා හිදී පසුගිය වසරේ සිදුකළ සැත්කමක් අතරතුරදී ය. මෙසේ හමුවූ සෙන්ටිමීටර් 8ක් දිගැති ඔෆිඩස්කාරිස් රොබට්සි නමැති වට පණුවා මාස දෙකක පමණ කාලයක් ඇයගේ මොළය තුළ සිට ඇති බව වෛද්‍ය නිගමනය වෙයි. මෙම පරපෝෂිත විශේෂය ඔස්ට්‍රේලියානු විෂ රහිත කාපට් පිඹුරන්ගේ සිරුරේ බහුලව හමුවෙයි. පිඹුරන්ගේ මළපහවලින් දූෂිත වූ කොළ වර්ගයක් පිසීමෙන් තොරව…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ. පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී ඇත. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරතවී තිබේ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත. ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන…
මහා පරිමාණ කොල්ල කල්ලියක ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනෙකු පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. පොලීසිය පැවසුවේ මෙම පිරිස අතර කාන්තාවන් දෙදෙනකුද සිටින බවය. සැකකරුවන් රටපුර පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථානවලට රාත්‍රී කාලයේ ඇතුලුවී මෙලෙස භාණ්ඩ සොරකමේ නිරතව සිට ඇති බව අනාවරණය වී ඇත. පූගොඩ ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලකට ඇතුලුවී එහි භාණ්ඩ සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් හලාවත – දැදුරු ඔය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී පොලීසිය විසින් කුඩා ලොරි රථයක් සහ ඔවුන් සන්තකයේ තිබූ ලක්ෂ 10ක් පමණ වටිනා රෙදි තොගයක්, ගෑස් සිලින්ඩර් 27ක් සහ බීම බෝතල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් සහ…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීද බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරයේ බටහිර…
පොදු ප්‍රවාහන සේවා සඳහා යෙදවීමට තීරණය කර තිබූ විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 50 සිට 200 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීමට නියමිතය. බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023.02.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණි. එහෙත්, එම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කරගනිමින් එකී බස් රථ මගින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකිවන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා මෙලෙස ඉහළ…
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ ගැඹුරින් සැලකිල්ල යොමුකරන ලෙස සමස්ත දේශපාලන නායකත්වයෙන් ඉල්ලීමක් කරමින් එම නිවේදනය නිකුත් කර ඇත. මේ වනවිට නීතියේ ආධිපත්‍ය බරපතළ ලෙස බිඳ වැටී ඇති බවත්, රට පුරා ප්‍රචණ්ඩක්‍රියා වැඩිවෙමින් පවතින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මෙවැනි භයානක තත්ත්වයක් ඉදිරියේ දේශපාලන නාටක පසෙකලා ජනතාව මුහුණ දී සිටින දුක්ඛිත තත්ත්වය බැරෑරුම් ලෙස සලකා කටයුතු කරන ලෙස කතෝලික සම්මේලනය බලධාරීන්ගේ ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ස්ථාපනය කිරීම සඳහා තම සමාගමට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති බව සයිනොපෙක් සමාගම පවසයි. හොංකොං හිදී මාධ්‍ය අමතමින්, තම සමාගමේ ඉදිරි සැලසුම් ගැන අදහස් දක්වමින් එහි සභාපති Yu Baocai ඒ බව පැවසීය. අපනයනය අරමුණු කරගෙන හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපනය සඳහා සයිනොපෙක් සමාගම සහ වයිටෝල් සමාගම මූලික වශයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් තෝරාගෙන තිබේ. එසේම ලබන මාසයේදී ශ්‍රී ලංකාව තුළ ඉන්ධන විකිණීමේ කටයුතු ආරම්භ කිරීමටද සයිනොපෙක් සමාගම සූදානම්ව සිටියි.
ඉදිරි වසර සඳහා එල්පී ගෑස් සපයා ගැනීමේ කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් 50%ක් වර්තමාන සැපයුම්කරු වෙතින් සපයා ගැනීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව දෙසැම්බර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතය. ඒ අනුව 2024-2025 කාලසීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබේ. එහෙත්, ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළැඹීම එකී ප්‍රතිව්‍යූහගතකරණය ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බැවින් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිම වන තෙක් බාධාවකින්…