Close Menu
Lanka Focus News
    What's Hot

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 2026

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දු – පාකිස්තාන තරගය අත්හැර දමයි
    Sport

    ඉන්දු – පාකිස්තාන තරගය අත්හැර දමයි

    By LFNSeptember 3, 2023No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පසමිතුරු සටන ලෙස හඳුන්වන ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අත්හැර දැමීමට තීරණය කර තිබේ.

    පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට ඉනිමේ මුල් භාගයේදී දැඩි පීඩනයක් එල්ල කිරීමට පාකිස්තාන වේගපන්දු යවන්නන් සමත්වුණි.

    එම පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය මුල් පෙල පිතිකරුවන් වූ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි සහ ශ්‍රෙයාස් අයියර්ට ක්‍රීඩාගාරය වෙත නැවත හැරීයාමට සිදුවූයේ ලකුණු පුවරුව 66ක් ලෙස සටහන් වෙද්දී ය.

    කඩුලු බිඳ වැටීමේ පීඩනය මෙන්ම සාම්ප්‍රදායික ඉන්දු – පාකිස්තාන පසමිතුරු සටනේ පීඩනයද සමගින් පස්වන කඩුල්ල වෙනුවෙන් පිටියට එක්වූ ඉෂන් කිෂන් සහ හර්දික් පාණ්ඩ්‍යා ඔවුන්ගේ සුපුරුදු පිතිකරණ රටාවෙන් මිදී සෙමින් සෙමින් ඉන්දීය ඉනිම ගොඩ නැගීමට සමත්වූහ.

    පීඩනය මැද ඔවුන් දෙදෙනා පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ සබඳතාව ලකුණු 138කි.

    ඉෂන් කිෂන් පන්දු 81කදී ලකුණු 82ක් රැස් කරගනිද්දී, හර්දික් පාණ්ඩ්‍යා පන්දු 90කදී ලකුණු 87ක් රැස්කළේය.

    කිෂන්ගේ දැවීයාමත් සමග ඉන්දීය ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 62ක් තුළ දැවීගියේය.

    ඒ අනුව ඉන්දියාව පන්දුවාර 48යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 266කි.

    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 35කට කඩුලු 4ක් දවාගත් අතර නෂීම් ෂා සහ හැරිස් රවුෆ් අතර කඩුලු 3 බැගින් බෙදීගියේය.

    නමුත් වර්ෂාව හේතුවෙන් පාකිස්තාන කණ්ඩායම ට පිටියට ඒමට අවස්ථාවක් නොලැබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,472 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,425 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    සුනඛයින් එන්නත් කිරීමේ හා ලියාපදිංචි කිරීමේ කෙටුම්පත ගැන GMOAයෙන් චෝදනාවක්

    October 3, 202608 Views

    සුනඛයින් එන්නත් කිරීම සහ ලියාපදිංචි කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්නි කිහිපයක් සංශෝධනය කළයුතු බව…

    ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

    October 2, 2026

    බොරතෙල් මිල යළිත් ඉහළට

    October 2, 2026

    මාලිමා මන්ත්‍රී හා කඩුවෙල නගරාධිපති පොලිසියට කැඳවයි

    October 1, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.