Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»මිරිහානේ බස් රථයට ගිනි තැබූ සැකකරුගෙන් පාපොච්චාරණයක්
    Uncategorized

    මිරිහානේ බස් රථයට ගිනි තැබූ සැකකරුගෙන් පාපොච්චාරණයක්

    By LFNSeptember 3, 2023No Comments2 Mins Read210 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

    සැකකරු ඊයේ (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි.

    හිටපු ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියක් වාර්තාවුණි.

    අදාළ සිදුවීම පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට පොලිස්පති නියමයෙන් පැවරුණි.

    ඒ අනුව අදාළ බස් රථය ගිනි තැබූ ප්‍රධාන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මාධ්‍ය හරහා මහජන සහායද ඉල්ලා තිබුණි.

    අනතුරුව වසරකුත් මාස 5කට පසුව එම පුද්ගලයා මහියංගනය ප්‍රදේශයේ සිටින බවට විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහුව ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, අදාළ දිනයේදී ඔහු සිය බිරිඳ සමග මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින අතරතුරදී එම ස්ථානයට ඇයද කැටුව ගොස් ඇති බවය.

    එමෙන්ම තමන් අදාළ බස් රථයට ගිනි තැබූ බවද ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පිළිගෙන තිබේ.

    අනතුරුව මාධ්‍යවලින් තම රුව සහිත ඡායාරූප පළවීමත් සමග අදාළ සිදුවීම සිදුවූ දිනයේ හැඳසිටි ඇඳුම් සියල්ල ඔහු විසින් විනාශකර ඇති බවත් විමර්ශන නිලධාරීන් හමුවේ සැකකරු පවසා තිබේ.

    සැකකරු 33න් හැවිරිදි මහියංගනයේ පදිංචිකරුවකු වන අතර ඔහුව අද දිනයේදී ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් නදීරා බෝගදෙණිය මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි.

    එහිදී පොදු දේපළ පනත යටතේ සැකකරුවට නඩු පැවරනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.