Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගංගා දෙකක ජල මට්ටම් ඉහළට
    Featured

    ගංගා දෙකක ජල මට්ටම් ඉහළට

    By LFNSeptember 3, 2023No Comments2 Mins Read180 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ, ලබුගමින් වාර්තා වූ අතර එය මිලිමීටර් 106.3කි.

    මේ අතර දකුණු පළාතට ඇදහැලෙන තද වැසි සමග ගිං ගඟේ සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතී.

    මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලටත් දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇතැයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසයි.

    ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග ගිං ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.

    මේ සමග ගිං ගඟ දෙපස පිහිටි නාවක්කඩ මුල්කඩ, පාතවැලිවිටිය ආදී ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් ජලයෙන් යටවී තිබූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

    එමෙන්ම එම ප්‍රදේශයේ තේ වගාවද ජලයෙන් යට වී තිබුණි.

    මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග බෙලිඅත්ත සිටිනාමලුව මහවැව වාන් දැමීම ආරම්භ වී තිබේ.

    එමෙන්ම අධික වැසි හේතුවෙන් වලස්මුල්ල මහගොඩයාය, වලපුරණ යාය යන කුඹුරු යාය විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නගයි.

    ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ, මධ්‍යම කඳුකරයේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටත් කඩින් කඩ වර්ෂාව ඇද හැලුණත් එය ජලාශවල ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවය.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයද පවසන්නේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලුණත් ජනතාවට ජලය සැපයෙන ජල මූලාශ්‍ර 39ක් තවදුරටත් අවදානම් තත්ත්වයේ පවතින බවය.

    මෙලෙස දිවයිනේ කොටසකට වැසි ඇද හැලුණත් තවත් ප්‍රදේශ රැසකට තවදුරටත් පවතින්නේ වැසි රහිත කාලගුණයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.